කැලණිය - පොල්හේන විස වෙද වෛද්‍ය විද්‍යාලයට නව සිසුන් බඳවා ගැනීම ඇරඹේ

  👤  2931 readers have read this article !
By mawbima 2018-10-16

කැලණිය - පොල්හේන විස වෙද ශික්ෂණ රෝහල සහිත අනුබද්ධිත වෛද්‍ය විද්‍යාලයට විස වෙදකම හා කැඩුම් බිඳුම් වෙදකම සඳහා 2019 වසරට නවක සිසුන් ඇතුළත් කර ගැනීම ආරම්භ කොට තිබේ.

සිංහල භාෂාවට සම්මාන සහිතව අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වයස අවුරුදු 25න් ඉහළ ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂයටම මේ සඳහා ඉල්ලුම් කළ හැකි අතර බඳවා ගැනීමේදී පාරම්පරික වෛද්‍යවරුන්ගේ දූ දරුවන්ට මෙන්ම භික්ෂුන් වහන්සේට ප්‍රමුඛත්වය හිමිවේ.

මෙමඟින් විෂය ධාරා නිර්දේශයට අනුකූලව සියලු කරුණු විධිමත්ව ඉගැන්වීමත්, රෝගී පරීක්ෂා විධි පිළිබඳව සිසුන්ට ප්‍රායෝගිකව පුහුණුව ලබාදීමත් මෙහිදී සිදුකෙරේ.

මේ පාඨමාලාවන් සඳහා අයැදුම්පත් මේ මස 31 වැනි දිනට පෙර ලේඛකාධිකාරි, විස වෙද ශික්ෂණ රෝහල සහිත අනුබද්ධිත වෛද්‍ය විද්‍යාලය, විස වෙද රෝහල පාර, පොල්හේන, කැලණිය යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. වසර 39ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා ආයුර්වේද විස වෛද්‍ය මහා සංගමය මඟින් පාලනය වන ප්‍රවීණ වෛද්‍ය මණ්ඩලයක අධීක්ෂණය යටතේ මෙම විස වෙද රෝහලේ පරිපාලන කටයුතු සිදු කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon