නීති විරෝධී විදේශ රැකියා ජාවාරම්කරුවන් 204කට නඩු

  👤  2952 readers have read this article !
By mawbima 2018-10-16

බද්දේගම - ඕ. කමලනාථ

2018 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා නීති විරෝධී විදේශ රැකියා ජාවාරම් සම්බන්ධ වැටලීම් 204ක් කර එම පාර්ශ්වයන්ට එරෙහිව නඩු පවරා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. පසුගිය සැප්තැම්බර් මාසයේදී පමණක් නීති විරෝධී විදේශ රැකියා ජාවාරම්කරුවන් 56 දෙනකු අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇත.

රැකියා සඳහා ගොස් විවිධ ගැටලුවලට මුහුණදී විදේශ රටවල සුරක්ෂා නිවාසවල රැඳී සිටි ශ්‍රමිකයන් 889 දෙනකු මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ කාලයේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ එකී රටවල තානාපති කාර්යාලවල මැදිහත්වීමෙන් මෙරටට ගෙන්වා ගෙන තිබේ. තවත් 220 දෙනකු විදේශ රටවල සුරක්ෂා නිවාසවල රැඳී සිටින බවත් එම පිරිස් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon