විජයකලා කොටි හුරතල් කරද්දී වන්ෂොට් විජයකලාව හුරතල් කරනවා

  👤  3081 readers have read this article !
By mawbima 2018-10-16

නිජබිමක අයිතිකරුවන් වන දෙමළ මිනිසුන්ට ලංකාවේ ප්‍රශ්න තිබෙනවා දැයි අගමැතිවරයා රට ගිය විට අසන බවත්, කොන්දක් ඇති නායකයෙක් මුලින්ම නිවැරැදි කළ යුත්තේ මෙහි දමිළ නිජබිමක් ඇතැයි කියන වැරැදි දේ බවත් පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද පැවැසීය.

ඒ මහතා එසේ කියා සිටියේ ඊයේ (15දා) පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.
මධුමාධව අරවින්ද මහතා එහිදී මෙසේද කීවේය.

මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු දෙනාම වාසය කරන රටක්. ඇත්තටම නිජබිමේ ප්‍රශ්නයක් තියෙනවා.

ආරක්ෂාව පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා තියෙනවා. චූටි පැටව් ටිකක් දඟ කරනවා 'ආවා' කියන කල්ලියක් හැටියට. ඒ තමයි ලැබෙන උත්තරය. තුවාලා සුව වුණාට පස්සෙත් හමුදා කඳවුරු එහෙ තියලා තිබ්බෙ දෙමළ ජනතාව මර්දනය කරන්න නෙවෙයි නීතිය සහ සාමය ආරක්ෂා කරන්න කියල අපි අගමැතිතුමාට මතක් කළා. නමුත් රට ගියාම කියනවා චූටි පැටව් ටිකක් ඉන්නව කියල. දැන් අපිට තොරතුරු ලැබෙනවා චූටි පැටව් ටික ඉන්දියාවේ ගිහිල්ලා සෙල්ෆි ගහමින් යුද පුහුණුව ලබනවා කියලා.

මේ සෙල්ෆි දැන් ෆේස්බුක් එකෙත් දානවා කිසි ප්‍රශ්නයක් නෑ. චූටි පැටව්නේ. මේ සිංහල සමාජය මෙහෙම කළා නම් අද ඒ තරුණයන් අත්අඩංගුවට. අද මේ තමිල්නාඩු චිත්‍රපටි වගේ මේ කඳවුරු බැඳගෙන, අවි ආයුධ පුහුණුව ලබන බවට ඔවුන් ප්‍රසිද්ධියේ කියනවා ඉන්දියාවේ. ඒ නිසා අපි කියනවා ඔවුන් යළි එද්දී ගුවන්තොටුපළේදීම අත්අඩංගුවට ගන්න මේ රටට ආදරය තියෙනවා නම්. මේ චූටි පැටව් නෙවෙයි. මේ ත්‍රස්තවාදීන්. අනාගත ප්‍රභාකරන් මේ අතර ඉන්න පුළුවන්, මේ රටේ ජනතාව දහස් ගණනින් මරණයට පත් කරන.

අපි හැමදාමත් කෙළින් කතා කළේ. අපි දේශපාලනිකව යුදවදිනවා සිංහල ජාතිය වෙනුවෙන්. කඩ සාප්පු ගිනි තියන්න, මිනිස්සු මරන්න නෙවෙයි අපි දේශපාලනය කරන්නේ.

විජයකලා මහේශ්වරන් ප්‍රසිද්ධියේ මේ රටට වින කරපු කොටි හුරතල් කරද්දී 'වන්ෂොට්' කියලා කියන ලෝකයේ සත්‍යවාදීම කෙනා අහනවා ඔයා ඇයි අනේ එහෙම නෝටි වැඩ කරන්නේ කියලා. එයාගේ අර මාධ්‍ය සාකච්ඡාවල තියෙනවනේ අලුත්ම සම්ප්‍රදාය. එයා දන්නේ සමීපතමයා ටෙලිෆෝන් එකෙන් පාවාදීම. ඇමැතිවරයෙක් විදියට වැඩ කරන්න එයා දන්නේ නෑ.

එයා අනිත් තැන්වල පුප්පගෙන දඟලන්නේ. ඒත් මේ අවස්ථාවේ ටෙලිෆෝන් කෝල් ඇමැති "අනේ ඇයි ඔයා එහෙම කළේ. අනේ එහෙම කරන්න එපා" කියලා කියනවා.

මේ රටේ ආණ්ඩු පක්ෂය කිසිම කෙනෙක් කටක් අරින්නේ නැති කොට මෙන්න දැන් දෙමළ සිසුවෝ දකුණට එනවා සිරකරුවන් නිදහස් කරන්න, ත්‍රස්තවාදීන්ගේ අයිතීන් ගැන කතා කරන්න. එහිදී මවුබිමට ආදරය කරන තරුණ දරුවන් දෙදෙනෙක් ඊට එරෙහි වෙනවා. පිවිතුරු හෙළ උරුමය මේ ආදරණීය තරුණයන් දෙන්නාට ගෞරව කරනවා.

පිවිතුරු හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක
2018.10.08 අත්අඩංගුවට ගෙන එදිනම අධිකරණයට ඉදිරිපත් කර කොස්ඇටෙන් සිබිඩ්ඩ පන්නනවාට වඩා ඉක්මනින් විජයකලාට ඇප ලබා දෙනවා. කෝටි 2ක් මඟනැඟුමෙන් සල්ලි වංචා කළා කියලා පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කොට තිබෙන හිරුණිකා මන්ත්‍රිතුමිය විජයකලා මන්ත්‍රිතුමියගේ වාර්තාව ඉක්මනින්ම කඩලා ඇප ලබා ගැනීමේ ශ්‍රී ලංකා වාර්තාව ආයෙත් තමන් සතු කර ගනීදැයි අපි බලාගෙන ඉන්නවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon