ජීවන බරින් මිරිකෙන ජනතාවට ආණ්ඩුවේ ව්‍යවස්ථාවෙන් වැඩක් නෑ

  👤  2993 readers have read this article !
By mawbima 2018-10-16

මේ රටේ ජනතාව ඉල්ලන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොව ජීවන අර්බුදයට විසඳුමක් බවත් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම වෙනුවට ආණ්ඩුව ජනතා අවධානය වෙනතකට හැරවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යන කූට උපක්‍රමය භාවිත කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පැවැසීය.

මෙය සැලැසුම් සහගතව රටේ ජනතාවගේ ඡන්ද අයිතිය උදුරාගැනීම සඳහා ගෙන යන වැඩපිළිවෙළක් බවද ඔහු සඳහන් කළේය.

ඊයේ (15දා) බත්තරමුල්ල නෙලුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

අද රටේ කතා බහක් තිබෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වැඩපිළිවෙළක් ගැන. අපේ නම් කිසිම විශ්වාසයක් නැහැ මේ සම්බන්ධයෙන්. අපි දකින්නේ මෙය මුළාවක් හැටියටයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කරලා එය ක්‍රියාත්මක කිරීම සඳහා රටේ ජනතාව අතර විශ්වාසයක් ගොඩනඟා ගත් ආණ්ඩුවක් තිබිය යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ තාවකාලික දෙයක් නෙවෙයි. පරම්පරා ගණනාවකට ඍජුවම බලපාන දෙයක්.

හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට මේ ආණ්ඩුව රටේ විශ්වාසය දිනාගෙන නැහැ.

එය හොඳින්ම සනාථ වෙනවා ආණ්ඩුව මැතිවරණ දිනෙන් දින කල් දැමීම තුළින්.

ඒ වගේම තමයි ආණ්ඩුවට අවංකභාවය පිළිබඳ ගැටලුවක් තිබෙනවා. ආණ්ඩුවට ව්‍යවස්ථාවක් ගේන්න වුවමනා නම් ඒක කරන්න තිබුණේ ආණ්ඩුව පත් වූ පළමු වසරේදීමයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ප්‍රකාශ කළත් විදේශ බලපෑම් අපේ රටට අවශ්‍ය නැහැ. අපේ රට ස්වාධීන රටක් කියලා. එහෙත් ජාත්‍යන්තරයට දුන් පොරොන්දු සියල්ල ඉටු කරන්න වෙනවා.

දෙමළ සන්ධානයේ නායක සම්පන්දන් මහතා ප්‍රකාශ කරනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත නොකළහොත් නැවත මේ රටේ උතුරු නැඟෙනහිර ත්‍රස්තවාදයක් ඇති වෙයි කියලා.

මෙය තර්ජනයක් නෙවෙයි නම් කුමක්ද? මේ ආකාරයට තර්ජනය කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්මත කරන්න බැහැ. ඒකට මේ රටේ ජනතාව කැමැති නැහැ. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රි සම්පන්දන් කියනවා තව සති තුනකින් ඉදිරිපත් කරන අය - වැය සඳහා දෙමළ සන්ධානයේ මන්ත්‍රිවරුන් 16 දෙනාගේ ඡන්ද අවශ්‍ය නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරන්න කියලා. මේවා සියල්ල තර්ජන.

පළාත් සභා 9න් මේ වන විට 5ක්ම අහෝසි වෙලා තිබෙන්නේ. ඊට පසුව තවත් 6ක් අහෝසි වෙනවා. ඡන්ද පවත්වන්නේ නැහැ. මේ ආණ්ඩුව කරන්නේ මහා ප්‍රෝඩාවක්. මැතිවරණ නොපැවැත්වීම තමයි ආණ්ඩුවේ එකම උත්සාහය. ඒ නිසා තමයි ආණ්ඩුව 20 වැනි සංශෝධනය ඉදිරිපත් කරන්නේ. කොටින්ම කිව්වොත් 20 වැනි සංශෝධනය ඉදිරිපත් කරන්නේ ජනාධිපතිවරණය නොපැවැත්වීමටයි. මැතිවරණ පවත්වන්නේ නැති ආණ්ඩුව ජනමත විචාරණයක් පවත්වයි කියලා හිතන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුව 2019 වසර අග භාගයේදී ජනාධිපතිවරණය පැවැත්විය යුතුමයි.

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සී.බී. රත්නායක

මේ වන විට ලෝක වෙළෙඳපොළේ ඛනිජතෙල් බැරලයක මිල පහත වැටිලා. ආණ්ඩුව එහි වාසිය ජනතාවට ලබා දෙන්නේ නෑ.

ඉෂාරා සිල්වා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon