රනිල් එළවලා අගමැති පුටුවේ මහින්ද වාඩි කළත් වැඩක් නෑ

  👤  3035 readers have read this article !
By mawbima 2018-10-16

ජවිපෙ ප්‍රමුඛ සියලු ක්‍ෂේත්‍ර නියෝජනය වන බලවේගයක් සමඟින් රට ගොඩනඟන නිවැරැදි වැඩපිළිවෙළක් සහිත ජාතික ව්‍යාපාරයක් නොබෝ දිනකින් ප්‍රකාශයට පත් කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

ලාල්කාන්ත මහතා පැවැසුවේ යහපාලනය, නම තවරාගත් වත්මන් ආණ්ඩුව හැඳින්විය හැකි සුදුසුම නාමය ජනපීඩක ආණ්ඩුව බවත් ආණ්ඩුව කරගෙන යා නොහැකි නම් කළ යුතු හොඳම දේ පාලකයන් ගෙදර යෑම බවත්ය.
ඒ අනුව ආණ්ඩුව වහාම කළ යුතු වන්නේ 2/3 බලය සහිතව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බව පවසන ඒ මහතා කියා සිටියේ අනතුරුව ජනමතය උරගා බලා හොඳ ආණ්ඩුවක් පත් කළ යුතු බවත් උඩින් අටවන ආණ්ඩුවලින් ඵලක් නොමැති බවත්ය.

මේ වන විට මහින්ද, මෛත්‍රි, බැසිල් ආණ්ඩු හැදීමට හොර සාකච්ඡා කළ බව වාර්තා වී ඇති නමුත් 1991 සිට මේ පිරිස රට කරවූ හැටි කවුරුත් දන්නා කරුණක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ඒ අනුව සැබෑ ආණ්ඩු විරෝධීන් 23දා ජවිපෙ සමඟ කොළඹට පැමිණ තම විරෝධය ප්‍රකාශ කරන ලෙසත් ඒ මහතා ආරාධනා කළ අතර ඔහු වැඩිදුරටත් පැවැසුවේ බොරු ආණ්ඩු විරෝධීන් එදිනට පැමිණියහොත් ගහලා පන්නා දැමීම කළ යුතු එකම දෙය බවත්ය. ඔහු මේ බව පැවැසුවේ ඊයේ (15දා) සමාජයීය හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදීය.]


ලාල්කාන්ත මහතා මේ බවද කීය.

රනිල් වික්‍රමසිංහ හදපු එක කර්මාන්තයක් කියන්න. අද සියලු ක්‍ෂේත්‍ර කඩා වැටිලා. නූල් බෝලෙ ඉඳලා පිටරටින් ගෙන්නන තැනට රට පත්වෙලා. මුද්‍රණ කර්මාන්තයට මොකද වෙලා තියෙන්නෙ. මේ ආණ්ඩුව යටතේ පත්තර මිල ඉහළ ගියා. තව ටික දවසකින් පත්තරයක් රුපියල් 100ක් වෙනවා. ධීවර, කෘෂි කර්මාන්තයේ නියැළී සිටින ජනතාව ඇතුළු සියලු කොටස් අද පීඩනයට තෙරපුමකට ලක්වෙලා.

මහින්ද අගමැති පුටුවෙ තියලා මෛත්‍රි ජනපති පුටුවේ තියලා ආණ්ඩුවක් හැදුවත් වැඩක් නෑ. සිද්ධ වෙන්නේ එකම දේ. මේ අයට නිවැරැදි ආර්ථික දැක්මක් නෑ. රටේ විධායක ජනපති ක්‍රමයෙන් සම්පූර්ණයෙන් රට අරාජික වෙලා. ඒ නිසා පාර්ලිමේන්තුවේ 20 සංශෝධනය සම්මත කරන්න සියලු දෙනා ඒකරාශී විය යුතුයි.

අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ
ආණ්ඩුවට සූත්‍ර නැත්තේ ජීවත් වෙන එකට විතරයි. අනෙක් හැම එකකටම මිල වැඩි කරන සූත්‍රයක් තිබෙනවා. පඩි වැඩි කරන සූත්‍රය විතරයි නැත්තේ. හැබැයි සේවක වැටුප්, දීමනා කොල්ලකන මේ ආණ්ඩුවේ සූත්‍රය හොඳින් වැඩ කරනවා.

ජීවන වියදම වැඩි කරද්දී, විශ්‍රාම යන විට ලැබෙන්න තියෙන දීමනාව කොල්ලකද්දී අපි අරගල කළා. එහි ප්‍රබල අරගලය 23දා අපි කොළඹදී සිදු කරනවා. ඡ්ර්ථීජ් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරන්න යන ධවල පත්‍රිකාවට එරෙහිවත් බැඳුම්කර මගඩියෙන් මිලියන 20,000කට ආසන්න මුදලක් ඡ්ර්ථීජ් එකට අහිමි කිරීමටත් එරෙහිව එදිනට විසි හය ලක්ෂයක් වන ඡ්ර්ථීජ් හිමි සේවක සේවිකාවන් එදිනට පෙළගැහෙන්න කියලා ආරාධනා කරනවා.

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්
අපි ආණ්ඩුවට අභියෝග කරනවා පුළුවන් නම් විදුලි බලයට මිල සූත්‍රයක් හදලා පෙන්වන්න කියලා.

උපාධිධාරි ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු චන්දන සූරියාරච්චි
අද විරැකියාවෙන් උපාධිධාරීන් 60,000ක් සිටිනවා. ජනතාවගේ වුවමනා එපාකම් සපුරනවා වෙනුවට ආණ්ඩුව රැකියා ප්‍රශ්නය පැත්තකට දාලා. රාජ්‍ය සේවයේ උපාධිධාරීන්ගේ වැඩි කිරීම පැත්තකට දාලා. ආණ්ඩුවේ නාස්තිය වියදම් නවත්තලා වහාම මේ ප්‍රශ්නවලට මැදිහත් විය යුතුයි.

අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon