හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්දට එරෙහිව ගොනුකළ නඩුවේ සාක්ෂි විභාගය ලබන 29දාට කල් තැබේ

  👤  1412 readers have read this article !
By mawbima 2018-10-12

කේ.එස්. උදයකුමාර්

පසුගිය රජයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27ක මුදලක් භාවිත කරමින් කොළඹ, කිංසි පාරේ නිවෙසක් මිලදී ගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු ක්‍රීඩා ඇමැති සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 29 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා පෙරේදා (10දා) නියෝග කළේය.

මෙම නඩුව ඊයේ දින විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා සභාපති ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ කහවගේ ඩග්ලස් මහතාගෙන් විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ෂවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා හරස් ප්‍රශ්න ඇසීම කළේය. අනතුරුව සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම අවසන් කෙරුණු අතර වැඩිදුර සාක්ෂි විභාගය ලබන 29දා දක්වා කල් තැබීමට විනිසුරු සම්පත් අබේකෝන් මහතා නියෝග කළේය.

ඉකුත් පාලන සමයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27ක මුදලක් වැයකර කොළඹ, කිංසි පාරේ නිවෙසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon