බස්නාහිර පළාත් සභාවට එක්කෝටි හැටතුන් ලක්ෂයක් වියදම් කර එයාර්ෆ්‍රෙෂ්නර් යන්ත්‍ර 875ක් ගෙනැල්ලා පළාත් සභා මන්ත්‍රි සලෝචන ගමගේ චෝදනා කරයි

  👤  1358 readers have read this article !
By mawbima 2018-10-12

ඉෂාරා සිල්වා

නව බස්නාහිර පළාත් සභා ගොඩනැඟිල්ලේ කාර්යාල සඳහා එකක් රුපියල් දහඅට දහස් හත්සියයක් වටිනා එයාර්ෆ්‍රෙෂ්නර් යන්ත්‍ර 875ක් රුපියල් එක්කෝටි හැටතුන් ලක්ෂ හැට දෙදහස් පන්සියයක් ගෙවා මිලදී ගෙන ඇතැයි පළාත් සභා මන්ත්‍රි සලෝචන ගමගේ මහතා චෝදනා කරයි.

මන්ත්‍රිවරයා සඳහන් කර සිටින්නේ එම යන්ත්‍රවලට නැවත සුවඳ විලවුන් සහිත දියර පිරවීම සඳහා එක් යන්ත්‍රයකට රුපියල් තුන්දහසක මුදලක් වැය වන බවත් එය සති තුනකට වතාවක් කළ යුතු බවත්ය.

ඒ සඳහා එක් වරකට එයාර් ෆ්‍රෙෂ්නර් යන්ත්‍රවලට නැවත දියර පිරවීම සඳහා රුපියල් විසිහය ලක්ෂ විසිපන්දාහක මුදලක් වැය වන බවද මන්ත්‍රිවරයා අවධාරණය කරයි.

මන්ත්‍රිවරයා පසුගියදා බස්නාහිර පළාත් සභාවේදී මේ බව ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon