අලි ඇතුන් සිවුදෙනකු නීති විරෝධී ලෙස සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට අලි රොෂාන් ඇතුළු හත් දෙනකුට නීතිපති අධි චෝදනා ගොනු කරයි

  👤  1358 readers have read this article !
By mawbima 2018-10-12

කේ.එස්. උදය කුමාර්

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් සිවු දෙනකු නීතිවිරෝධී ලෙස සන්තකයේ තබා ගෙන සිටියේ යැයි චෝදනා කරමින් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 07 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ හමුවේ අධි චෝදනා ගොනු කළේය.

මෙම නඩුව නීතිපතිවරයා විසින් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ගොනු කරන ලද තුන්වැනි නඩුව ලෙස සැලකේ.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් අතර වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ උපාලි පද්මසිරි සහ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය භාරව කටයුතු කළ ලිපිකාරිනිය වන ප්‍රියංගිකා සංජීවනී යන අයද ඇතුළත්ව සිටී.

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් හතර දෙනකු සිය සන්තකයේ තබා ගැනීම තුළින් පොදු දේපළ පනත සහ වන සත්ත්ව හා වෘක්‍ෂලතා ආඥා පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අධි චෝදනා 27ක් යටතේ නීතිපතිවරයා විසින් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 07 දෙනාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon