ජනසෙත පෙරමුණ දිස්ත්‍රික් සංවිධායකයන් හා කඩියන්ලෙන ප්‍රාදේශීය සභාවට නමඩගස්වැව සුගතසෝම හිමියෝ පත්කරති

  👤  1438 readers have read this article !
By mawbima 2018-10-12

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

නාවලපිටිය ආසනයේ කඩියන්ලෙන ප්‍රාදේශීය සභාවට ජනසෙත පෙරමුණ දේශපාලන පක්ෂයෙන් තේරීපත්වූ නියෝජිතයා වෙනුවට එම පක්ෂයේම වෙනත් නියෝජිතයකු පත්කිරීමට ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් ක්‍රියා කර ඇත.

ඒ අනුව එම මන්ත්‍රි ධුරය සඳහා පත්කර ඇත්තේ පූජ්‍ය නමඩගස්වැව සුගතසෝම හිමියන්ය. මෙම නව පත්කිරීම සිදුකර ඇත්තේ පසුගිය පළාත් පාලන ඡන්දයේදී ජනසෙත පෙරමුණෙන් නාවලපිටිය ආසනයේ කඩියන්ලෙන ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ නියෝජිතයා එම පක්ෂයේ නායකත්වයට ඇහුම්කන් නොදී අත්තනෝමතිකව ක්‍රියා කිරීම නිසා බව එම පක්ෂය නිවේදනය කර ඇත.

මීට අමතරව ජනසෙත පෙරමුණෙ නව දිස්ත්‍රික් සංවිධායකයන් පත්කිරීමටද පක්ෂ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් ක්‍රියා කර තිබේ. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එම පක්ෂයේ ජේ‍යෂ්ඨ ලේකම් සිවන්ටන් දිසානායකද, ගාල්ල දිස්ත්‍රික්ය ස¼දහා එච්.ඩබ්ලිව්. තුෂාර මහතාද පත්කර ඇත.

පක්ෂයේ නව තනතුරු සඳහා සාමාජිකයන් පත්කිරීමද සිදුවී තිබෙන අතර ජනසෙත පෙරමුණේ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සභාපති ලෙස ඩබ්ලිව්.එම්. තිලක් පුෂ්පලාල් මහතාත්, ප්‍රචාරක ලේකම්වරයා ලෙස ඩබ්ලිව්.එම්. අශෝක ද සිල්වා මහතාත්් නව පත්වීම් ලබා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon