රටට සහ ජනතාවට එරෙහි වන අණපනත් රැසක් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ රජයේ සූදානමක් -ඒකාබද්ධයේ පක්‍ෂ නායකයන් ඒවා පරාජය කිරීමේ සැලසුමක

  👤  1476 readers have read this article !
By mawbima 2018-10-12

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

රටට සහ ජනතාවට එරෙහිවන අණපනත් රැසක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට ආණ්ඩුව සූදානම් වන බවත් ඒවා පරාජය කිරීමට සැලසුම් කිහිපයක් සකස් කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමේදී ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් තීරණය කළ බව එහි නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජිත් ද සොයිසා මහතා "මව්බිම"ට පැවැසීය.

අය වැයට පෙර ජනතාව දැඩි ලෙස පීඩාවට ලක් කරන පනත් සහ සංශෝධන රැසක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ආණ්ඩුව සූදානම් වන බවත් ඒවා පරාජය කිරීමට පාර්ලිමේන්තුවේ අනෙකුත් කණ්ඩායම්වල සහාය ලබා ගැනීම සඳහා කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේය.

රට දැඩි අර්බුදයකට ලක් වී තිබුණද විකල්ප ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් මේ දක්වා කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් එසේ වුවද ආණ්ඩුවට එරෙහි ඒකාබද්ධ විපක්‍ෂය ගෙන යන අරගලය අංශ කිහිපයකින් තවත් දැඩි කිරීමට තීරණය කළ බවද ඒ මහතා පැවැසීය.

පළාත් සභා මැතිවරණය කල් දමමින් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී නොවන ගමනක නිරත වන බවත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබා දීම වෙනුවෙන් මේ අවස්ථාවේදී අරගල කරන්නේ ඒකාබද්ධ විපක්‍ෂය පමණක් බව ජනතාවට අවබෝධ කර දීමට පියවර ගන්නා බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කොළඹ හතේ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදී ඊයේ (11දා) පස්වරු 6.00 සිට රාත්‍රි 8.00 දක්වා මෙම පක්‍ෂ නායක රැස්වීම පැවැත්විණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon