නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමේ අරමුණින් රත්මලානේ ඉදිකෙරෙන නව ඔෟෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව ජනපති අතින් අද විවෘත වෙයි

  👤  1432 readers have read this article !
By mawbima 2018-10-12

උදයන්ති මුණසිංහ

රාජ්‍ය ඔෟෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ඔෟෂධ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමේ අරමුණින් ඉදිකරන ලද නව ඔෟෂධ කර්මාන්ත ශාලාව, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් අද (12දා) විවෘත කිරීමට නියමිතය.

රත්මලාන, කඳවලවත්ත ප්‍රදේශයේ ඉදිකොට ඇති මේ කර්මාන්ත ශාලාව ජපානයේ "ජයිකා" ව්‍යාපෘතිය යටතේ ලැබුණු ආධාර මත ජපන් යෙන් මිලියන 1240ක් වැය කොට ඉදිකර තිබේ.

රාජ්‍ය ඔෟෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ දැනට පවතින නිෂ්පාදන ධාරිතාව වසරකට පෙති හෝ කරල් මිලියන 1922ක් බවත් මේ ව්‍යාපෘතිය මඟින් එය මිලියන 3337ක් දක්වා වැඩි වන අතර එමඟින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ඔෟෂධ අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑවක් රාජ්‍ය ඔෟෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සපයන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මේ කර්මාන්ත ශාලාව ඉදිකිරීමට අමතරව දේශීය හා විදේශීය ඔෟෂධ නිෂ්පාදන සමාගම් 46ක් සමඟ නව කර්මාන්ත ශාලා ඉදිකිරීමට ගිවිසුම් අස්සන් කර තිබේ. එම ගිවිසුම්වලට අනුව දැනට නව කර්මාන්ත ශාලා 3ක් හොරණ, මහනුවර සහ දිගන ප්‍රදේශවල ඉදිකර ඇති අතර එහි නිෂ්පාදන වෛද්‍ය සැපයුම් අංශයට ලැබෙන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම තවත් ඔෟෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා 03ක් ලබන වසරේ මුල් භාගයේදී විවෘත කිරීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon