හවුල් ආණ්ඩුවක් හදනවාට වඩා මහින්ද මහත්තයා දිවි නසා ගැනීම හොඳයි

  👤  3057 readers have read this article !
By mawbima 2018-10-12

මහින්ද රාජපක්ෂ මහත්තයා හවුල් ආණ්ඩුවකට සම්බන්ධ වනවාට වඩා සියදිවි නසා ගැනීම හොඳ යැයි පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ප්‍රකාශ කළහ.


උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ ඊයේ (11දා) පැවිදි හඬ සංවිධානය කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

එහිදී උන්වහන්සේ මෙසේද පැවැසූහ.

වත්මන් ආණ්ඩුව යහපාලනයක් ගෙන යන බවත් රට සංවර්ධනය කරන බවත් ඔවුන්ම කියා ගන්නවා. ඒත් ඔවුන්ගේ කාර්යය කොහොමදැයි දැනගන්න නම් මැතිවරණයක් පැවැත්විය යුතුයි. ඒත් යහපාලනයේ නමින් තමන් කරන්නේ බොරුවක් බව දන්නා ආණ්ඩුව මැතිවරණ පවත්වන්නේ නැහැ. කුමන හේතුව ඉදිරිපත් කළත් ජනතා මතය විමසන්න ආණ්ඩුව බයයි.

අද අවශ්‍ය වී තිබෙන්නේ සභාග ආණ්ඩු නොවෙයි. ඒවා ශ්‍රී ලනිප 15 කණ්ඩායමේ යෝජනාද දන්නෙත් නැහැ. පාර්ලිමේන්තු මැතිවරණයකින් පත්වන නව ආණ්ඩුවක් තමයි අවශ්‍ය වෙන්නෙ. අරගල කළ යුත්තේ ඒ වෙනුවෙනුයි. ඒක යටපත් කරන්න යෝජනා වී තිබෙන සභාග ආණ්ඩුවලට මහින්ද රාජපක්ෂ මහත්තයාවත් ඒකාබද්ධ විපක්ෂයවත් යොමු විය යුතු නැහැ.

මේ ආණ්ඩුවට ආයුෂ තිබෙන්නේ තවත් කෙටි කාලයක් පමණයි. ඒ තුළ සභාග ආණ්ඩු පිහිටුවන්න ඕන කියන්නේ රටට ආදරේ ඇති අය නොවෙයි. ඇමැතිකමක්, කාර්යාලයක්, වාහනයක් ආදිය ගන්න වුවමනා අය තමයි එහෙම අදහස් ඉදිරිපත් කරන්නෙ. ඒත් ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනකුත් සභාග ආණ්ඩුවකට යන්න කැමැති නැහැ.

පැවිදි හඬ සංවිධානයේ ලේකම් ගොම්බද්දල දමිත හිමි,
මේ අරාජිකත්වය පෙන්වමින් ආණ්ඩුවට නව මුහුණක් දීමේ සටනකට වැඩපිළිවෙළක් තමයි සභාග ආණ්ඩු යෝජනාවේ තිබෙන්නේ. මේක කාට හරි බලයේ ඉන්න වුවමනාවක් පමණයි. රට ගැන ආදරයෙන් කරන යෝජනාවක් නොවෙයි.

ඒ නිසා බලය උදෙසා මොකක් හෝ අටවා ගන්න එපා කියලා අපි මහින්ද රාජපක්ෂ මහත්තය ඇතුළු පිරිසට කියනවා. ඒ වෙනුවෙන් කරන්න තිබෙන්නෙ මැතිවරණයක් ලබා ගැනීමට කටයුතු කිරීමයි.

මේ රට හොරුන්ගේ පාරාදීසයක් වනවා නම් ජනාධිපතිතුමා විධායක බලතල තියාගෙන ඉඳීමෙන් පලක් නැහැ. මේ රටේ ඇමැතිවරුන්ගේ ගිණුම්වලට කෝටි ගණන් මුදල් එනවා. ඒවා ගැන පරීක්ෂණයක් නැහැ.

මේ රටේ අරමුදල්වල තිබුණු සල්ලි සමහර මන්ත්‍රිවරියන් විසින් වංචා කරලා කියලා අතට හසු වී තිබෙනවා. ඒවා ගැන කට උත්තරයක් ගන්නවත් බැරි නම් මොකටද විධායක බලතල තියාගෙන ඉන්නෙ.

දෙනගම ධම්මික රණවීර

ඡායාරූපය _ අශාන් ගමගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon