ලෝක ආතරයිටිස් දිනය අදයි

  👤  2932 readers have read this article !
By mawbima 2018-10-12

නුවන් හෙට්ටිආරච්චි

ආතරයිටිස් නිසා වයස්ගත ජනගහනයට තම කටයුතු ස්වාධීනව කර ගැනීමට නොහැකි වීම තුළ රටේ ආර්ථිකයට සහ සමාජයට අහිතකර බලපෑමක් එල්ල වන බව සන්ධි සහ සන්ධි ආශ්‍රිත රෝගවලින් පෙළෙන සංගමය සඳහන් කරයි.

අද (12දා)ට යෙදෙන 2018 ලෝක ආතරයිටීස් දින සැමරුම නිමිති කරගෙන නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව පවසයි.

1996 වසරේ සිට සෑම වසරකම ඔක්තෝබර් 12දා ලෝක ආතරයිටිස් දිනය සමරන බවත් ඊට සමගාමීව සිදුකළ සමීක්ෂණයේදී 2012 වන විට එක්සත් ජනපදයේ පමණක් වැඩිහිටියන් මිලියන 50ක් සහ ළමුන් ලක්ෂ 3ක් පමණ ආතරයිටිස් රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ බව එම සංගමය සඳහන් කරයි.

2020 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ වයස්ගත ජනගහනයේ ප්‍රමාණය ඉහළ යෑම හේතුවෙන් සහ ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයකට තම දෛනික කටයුතු ස්වාධීනව කරගෙන යෑමට පවා නොහැකි තත්ත්වයකට පත්වීමද සුළුකොට තැකිය නොහැකි බවද ඔවුහු පෙන්වා දෙති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon