1968 පේරාදෙණිය විද්‍යාර්ථීන්ගෙන් 21 ඉරිදා පැවැත්වෙන ස්වර්ණ ජයන්තියට ආරාධනා

  👤  1046 readers have read this article !
By mawbima 2018-10-11

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට 1968දී පිවිසි විද්‍යාර්ථීන්ගේ කණ්ඩායමේ ස්වර්ණ ජයන්තිය ඔක්තෝබර් මාසයට යෙදී තිබේ. සංවත්සර උළෙල ලබන 21දා ඉරිදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී පැවැත්වෙයි.

ස්වර්ණ ජයන්තිය ආරම්භ වනුයේ උදෑසන 8.30ට සරසවි සෑය අබියස ආගමික වතාවත්වලිනි. අනතුරුව 68 විද්‍යාර්ථීහු නිල හමුව සඳහා කලාගාරයට රැස්වෙති. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක ප්‍රධාන ආරාධිත ලෙස ඊට සහභාගි වෙයි.

දිවා ආහාරයෙන් පසු මනමේ, සිංහබාහු පරපුරේ ශිල්පීන්ගේ දායකත්වය සහිත කලා ප්‍රසංගයකි. '68' විද්‍යාර්ථීන්ගේ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් සමරු කලඹක්ද සම්පාදනය කෙරෙමින් පවතී.

ස්වර්ණ ජයන්ති උළෙලට සහභාගි වන මෙන් පැමිණීම මෙතෙක් සනාථ නොකළ 68' විද්‍යාර්ථීන්ට සංවිධායක කමිටුව ඇරැයුම් කරයි.

විමසීම් - ලක්ෂ්මන් ගුණතිලක - 077-4416604
හියුබට් කළුගම්පිටිය - 077-7750396

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon