රද්‍ෙදාළුගම ක්‍රීඩාපිටියක් අසලදී පුද්ගලයකුට වෙඩි තබා පලාගිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට

  👤  1045 readers have read this article !
By mawbima 2018-10-11

කැලණිය - කුසුම් එස්. හැන්නදි

රද්‍ෙදාළුගම පොලිස් වසමට අයත් රද්‍ෙදාළුගම ක්‍රීඩා පිටියක් අසලදී පසුගියදා (07දා) යතුරුපැදියකින් පැමිණ පුද්ගලයකුට වෙඩි තබා පලාගිය සැකකරුවන් දෙදෙනා ඊයේ (10දා) දහවල් සැකකරුවන්ගේ නිවෙස්වලදී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් දෙදෙනකුට ලද තොරතුරක් මත මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා විසින් කැලණිය විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් වෙත පවරා ඇත. ලද තොරතුරු අනුව යමින් රද්‍ෙදාළුගම ප්‍රදේශයේ සැකකරුවන් දෙදෙනා පදිංචි නිවෙස් වැටලීමට ලක් කළ නිලධාරීන් යතුරුපැදිය පැදවූ පැදිකරු සහ වෙඩික්කරුත් යතුරුපැදියත් විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක්ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියේ වෙඩික්කරු වන පුද්ගලයා ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ වසර දහනවය හමාරක් සේවය කර ඉවත් වූ අයෙක් බව පොලිසිය පවසයි. වෙඩික්කරු විසින් ඉලක්කගත පුද්ගලයා වෙත වෙඩි උණ්ඩ 05කින් වෙඩි තබා ඇති අතර ඉන් වෙඩි පහරවල් 03කින් තුවාල ලත් 'එළුවා' නමින් අන්වර්ථ නාමයකින් හඳුන්වන පුද්ගලයා දැනට රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (11දා) මීගමුව අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිසිය පැවැසීය. මෙම වැටලීම බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, කැලණිය ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි උපාලි ජයසිංහ, කැලණිය දිස්ත්‍රික් අංක 01 භාර කාන්තා පොලිස් අධිකාරි මධාරා ආරියසේන, පෑලියගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අබේරත්න යන නිලධාරීන්ගේ උපදෙස් මත කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා, කොළඹ විශේෂ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ජයකොඩි, උප පොලිස් පරීක්ෂක අජිත්, කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක සමීර මංජුල, පොලිස් සැරයන් ධර්මසිරි (33507), පොලිස් කොස්තාපල්වරුන් වන බුලත්සිංහල (79551), අරවින්ද (88617), අබේනායක (23310), අරවින්ද (94444) පොලිස් කොස්තාපල් රියැදුරු සම්පත් (14152) යන නිලධාරීන් විසින් සැකකරුවන් සහ ගිනි අවිය අත්අඩංගුවට ගන්නා ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon