සීෂෙල්ස් හා ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ සාකච්ඡාවකින් පසු අත්අඩංගුවේ සිටි ධීවරයන්ට නිදහස

  👤  1047 readers have read this article !
By mawbima 2018-10-11

පහන් විජේසේකර

සීෂෙල්ස් ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් එරටේ අත්අඩංගුවට පත්ව සිටි ශ්‍රී ලාංකික ධීවරයන් පිරිස ඊයේ (10දා) දහවල් නිදහස් කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

එම ලාංකික ධීවරයන් පිරිස අත්අඩංගුවට පත් වූයේ සීෂෙල්ස් රාජ්‍යයට අයත් මුහුදු සීමාවේදී ධීවර කර්මාන්තයේ නියැළෙමින් සිටින අතරතුර බව ජනාධිපතිවරයා සිහිපත් කළේය.

ජනාධිපතිවරයා මේ අදහස් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පස්වරුවේ සංවිධානය කර තිබූ 'ජලජීවී උද්‍යානය' සමුළුවට එක්වෙමිනි.

සීෂෙල්ස් රාජ්‍යයේ දෙදින නිල රාජ්‍ය සංචාරයක නිරතව සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දිවයිනට පැමිණියේ ඊයේ පෙරවරුවේදීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon