වවුනියාව පොලිසියේ නිල සුනඛයකු විදුලි සැර වැදී මියයයි

  👤  1067 readers have read this article !
By mawbima 2018-10-11

මුලතිව් - ශෂිකුමාර්

වවුනියාව, ඉරට්ටපෙරියකුලම පොලිසියට අනුයුක්තව සේවය කළ කූපර් නමැති පොලිස් නිල සුනඛයාට විදුලි සැර වැදීමෙන් ඊයේ (10දා) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇති බව එම පොලිසිය පැවැසීය.

නිල සුනඛයා සහ සුනඛයාගේ භාරකරු උදෑසන ව්‍යායාම සඳහා යද්දී පොලිස් ක්‍රීඩාංගණය අසලදී සිදුවූ විදුලි කාන්දුවීමකින් සුනඛයාට විදුලි සැර වැදීමෙන් සුනඛයා මියගිය බවට පොලිසිය පැවැසීය.

ඒ අවස්ථාවේ සුනඛයාගේ භාරකරු සුනඛයා බේරා ගැනීමට උත්සාහ දරා ඇති අතර එහිදී සුනඛයාගේ භාරකරුටද විදුලිය සැර වැදී ඇත.

වයස අවුරුදු දෙකහමාරක් පමණ වයසැති කූපර් නමැති නිල සුනඛයාගේ භාරකරු වන පොලිස් කොස්තාපල් උදයකුමාර්ද (30018) තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති බව පොලිසිය පැවැසීය.

මියගිය සුනඛයාගේ මරණ පරීක්ෂණය වවුනියාව දකුණ පශු වෛද්‍ය කාර්යාලයේදී පැවැත්වීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉරට්ටපෙරියකුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon