ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක් අද

  👤  1111 readers have read this article !
By mawbima 2018-10-11

ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් අද (11දා) විශේෂ සාකච්ඡාවක් සඳහා රැස්වීමට නියමිතය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදීය.

ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රි කණ්ඩායම පසුගිය දා (09දා) රැස්වී සාකච්ඡා පැවැත්වූ අතර එහිදී සාකච්ඡා කළ කරුණු පිළිබඳව වඩාත් පුළුල් ලෙස අද (11දා) පැවැත්වෙන සාකච්ඡාවේදී සාකච්ඡා කිරීමට නියමිත බව ඒකාබද්ධ විපක්‍ෂයේ ආරංචි මාර්ග පවසයි.

මේ අතර ඊයේ (10දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසුවේ භාරකාර හෝ සභාග ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ඒකාබද්ධ
විපක්‍ෂය සහාය දක්වන්නේ රටේ ඉදිරි අනාගතය පිළිබඳව සැලකිල්ලට ගෙන බවයි.

අද (11දා) පැවැත්වෙන විශේෂ සාකච්ඡාව සඳහා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 15 කණ්ඩායම ද එක්වීමට නියමිතය. ම

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon