පාතාලයේ යකඩයා, නරියා හා පැන්ටාගිනි අවි 2ක් හා උණ්ඩ සමඟ මාට්ටු

  👤  1103 readers have read this article !
By mawbima 2018-10-11

කොළඹ - එම්.සී. පෙරේරා

සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනකු මයිකේ‍රා් වර්ගයේ ගිනි අවි දෙකක් හා උණ්ඩ තුනක් සමඟ හෝමාගම පිටිපනදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

"යකඩයා" "නරියා" හා "පැන්ටා" යන අන්වර්ථ නාමවලින් හඳුන්වන තිදෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් තිදෙනා ඉකුත් 04 වැනිදා අතුරුගිරියේ දී පොලිස් වෙඩි ප්‍රහාරයට ලක් වූ බණ්ඩාරගම බණ්ඩා නමැත්තා හා එක්ව අපරාධ රැසක් කළ අයෙකු බව පොලිසිය කියයි.

එසේම රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි එකහමාරක මුදල් කොල්ලකෑමේ සිද්ධියේ සැකකරුවන් ද මොවුන් යැයි පොලිසිය කියයි.

ඉකුත් දා මියගිය පාතාල නායක මධුෂ්ගේ පියාගේ අවමඟුල් උත්සවයේ සංවිධාන කටයුතු කර ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බණ්ඩා හා මෙම පුද්ගලයන් තිදෙනා බවද පොලිසිය කියයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon