නීතිඥවරියන්ගේ ඇඳුමට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි

  👤  1079 readers have read this article !
By mawbima 2018-10-11

කුමුදු උපුල් ශාන්ත

නීතිඥවරියන්ගේ ඇඳුම සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය කළ ඉල්ලීමකට අනුව අගවිනිසුරුවරයා ප්‍රමුඛ අධිකරණ සේවා කොමිෂන් සභා සාමාජිකයන් ගනු ලැබූ තීරණයකට අනුව එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව, කාන්තා නීතිඥවරියන් සුදු, කළු හෝ රත්නිල් පැහැති සාරි හා හැට්ටය හෝ දණහිස මට්ටමට පහළ සුදු, කළු, අළු හෝ රත්නිල් පැහැති ගවුම හෝ කබාය නම් කර තිබේ.

එමෙන්ම වළලුකර දක්වා දිගු, කළු කලිසම හා උස් කර සහිත අත්දිග සුදු කමිසය සහ කළු ලෝගුව පෙන්වා දී තිබේ.

මේ අතර, ගර්භනී ඇඳුම ලෙස සුදු අත්දිග කමිසය සමඟ දණහිස් මට්ටමට පහළ, උස් කර සහිත කළු ගවුම සහ කළු කබාය හෝ කළු ලෝගුව සමඟ ඉහත දැක්වූ නිවැරැදි වර්ණයන්ගෙන් හෙබි සාරිය හා හැට්ටයද හඳුන්වා දී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon