අය-වැය විවාදයේදී එජාප මන්ත්‍රින්ගේ සහභාගිත්වය අනිවාර්යයි -අගමැති

  👤  1122 readers have read this article !
By mawbima 2018-10-11

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තු අය-වැය විවාදය පැවැත්වෙන අවස්ථාවේදී අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ රැඳී සිටීමට වගබලාගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමට දැනුම් දී ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

අය-වැය කාරක සභා අවස්ථා විවාදයේදී ඡන්ද විමසීම් පැවැත්වීමට ඉඩ තිබෙන නිසා එම කාලය තුළ විදේශගත නොවී අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් අය-වැය විවාදයට සහභාගි විය යුතු බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon