ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන් 17දා

  👤  1067 readers have read this article !
By mawbima 2018-10-11

ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 17 වැනිදා ප.ව. 6.00ට බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී පැවැත්වේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය තුන්වැනිවරට සංවිධානය කරන ප්‍රදීප ප්‍රණාම සම්මාන උළෙල මෙවර නම්කර කර ඇත්තේ 'කලාකාර අභිනන්දන 2018' යනුවෙනි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් බිහි වූ කලා, සාහිත්‍ය හා සන්නිවේදනය ක්‍ෂේත්‍රවල විශිෂ්ටයන් 40 දෙනකුට පමණ ජනාධිපතිවරයා අතින් එහිදී සම්මාන පිරිනැමේ.

මෙම සම්මාන උළෙල මීට පෙර අවස්ථා දෙකකදී පවත්වා ඇති අතර එහිදී රාජ්‍ය අංශය, අධ්‍යාපන, දේශපාලන හා ව්‍යාපාරික යන ක්‍ෂේත්‍රවල විශිෂ්ටයන් බවට පත්ව සිටින විශ්වවිද්‍යාලීය ආදි විද්‍යාර්ථීන් රැසකට සම්මාන පරිනැමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon