වයඹ පළාත් විපක්ෂචල නායක වැදගත් සියල්ල භාරදී ත්‍රීවීලරයෙන් ගෙදර යයි

  👤  1144 readers have read this article !
By mawbima 2018-10-11

යන්තම්පලාව - විජේසිංහ වැලිකන්ද

වසර 25ක් පුරා එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරි දේශපාලනයේ නියැළුණු වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක ප්‍රසන්ත ශමල් සෙනරත් මහතා වයඹ පළාත් සභාවේ ඔහු භාරයේ තිබූ වාහන, කාර්යාල උපකරණ, කාර්යාල නිල නිවාස සියල්ල භාරදී වැදගත් දේශපාලනඥයෙක් ලෙස ත්‍රීවීලරයක නැඟී ගෙදර යෑමේ පුවතක් කුරුණෑගලින් වාර්තා වේ.

වැදගත් දේශපාලනයක නියැළුණු හිටපු විපක්ෂ නායකවරයා පසුගිය කාලය තුළ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් විශාල ලෙස කැපවී ක්‍රියාකළ අතර පක්ෂ නායකත්වය සමඟ ඉතා කිට්ටු සබඳතාවක් ඇතිව ක්‍රියාකළ අයෙකි.

ඉදිරි දේශපාලනයේදී එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන "සිරිකොත" ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසන්ත ශමල් සෙනරත් මහතා පත්කර ඇති අතර ලබන 15 වැනිදා නව තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.

ඔහු දඹදෙණිය මැතිවරණ කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ක්‍රියාකර ඇත.

ඉදිරියේ මැතිවරණවලට තරග නොකර ජාතික දේශපාලන කටයුතුවලට නායකත්වය දීමට පියවර ගන්නා බව සමුගනිමින් ඔහු මාධ්‍ය වෙත පැවැසීය. සමුගැනීමේ රැස්වීමේදී සියල්ලන් අමතා තමා වැදගත් දේශපාලනයක නියැළුණු බවත් ඉතා වගකීමෙන් යුතුව ඉවසීමෙන් දේශපාලනය කර ඡන්දය දුන්, නොදුන් සැමට කෘතවේදිත්වය පළකළ අතර කාර්ය මණ්ඩලයට වයඹ පළාත් සභාවේ කාර්ය මණ්ඩලවලට දේශපාලනඥයන්ට, හිතවතුන්ට හා ආධාරකරුවන්ට සිය කෘතවේදිත්වය පළකරමින් ඔහු සමුගත්තේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon