රංගන ශිල්පී රොනී ලීච්ගේ අවසන් කටයුතු අද ගල්කිස්සේදී

  👤  1099 readers have read this article !
By mawbima 2018-10-11

දෙනගම ධම්මික රණවීර

අභාවප්‍රාප්ත ගායක හා රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (11දා) පස්වරුවේ සිදු කෙරෙන දේව මෙහෙයෙන් පසු ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

ඒ මහතාගේ දේහය අද (11දා) පෙ.ව. 8.00 සිට ප.ව. 2.00 දක්වා මහජන ගෞරවය සඳහා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබේ.

රොනී ලීච් මහතා පසුගිය 01 වැනිදා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ඇතිවූ හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත විය. මිය යනවිට 65 වැනි වියේ පසුවූ ඒ මහතාගේ දේහය ඊයේ මෙරටට ගෙන එන ලදී. රොනී ලීව්ගේ දේහය තැන්පත් කෙරේ

රොනී ලීච් මහතාගේ දේහය ඊයේ (10දා) කොළඹ ජයරත්න මල්ශාලාවේ අවසන් ගෞරව දැක්වීම සඳහා තැන්පත් කළ අයුරු.

ඡායාරූපය -
සස්සඳ ලියනආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon