ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ වංචා ම¾ඩින්න අල්ලස් පනතට සංශෝධන ගේනවා

  👤  1119 readers have read this article !
By mawbima 2018-10-11

ජේ.ටී. ද සිල්වා,

රුචිර දිලාන් මධුශංඛ

ක්‍රිකට් තරග පාවාදීම් ඇතුළු ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ඇතිවන වංචා, දූෂණ අවම කිරීම සඳහා අල්ලස් පනතට සංශෝධන ගෙන ඒමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා ඊයේ (10දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ක්‍රීඩකයන් සහ ක්‍රීඩා සංගම්වල නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් සේ සලකා අල්ලස් පනතට යටත් කරමින් එම නීති සම්පාදනය කරන බවද හෙතෙම කීවේය.

ඒ ගැන නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇති අතර අවසන් එකඟතාවකට මෙතෙක් නොපැමිණි බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ක්‍රිකට් තරග පාවාදීම් සම්බන්ධයෙන් මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඉලක්ක කර ගනිමින් විවිධ ප්‍රචාර පැතිරෙන බවත් එහි සත්‍යතාවක් තිබේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක ස්ථාවර නියෝග 27/2 යටතේ සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ෆායිසර් මුස්තාපා ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා,
"අපිට ඉන්නේ තරුණ ක්‍රිකට් කණ්ඩායමක්.

එහෙම තියෙන කොට මේ වගේ කතා පැතිරෙන්න පුළුවන්. නමුත් ඒවායේ කිසිම සත්‍යතාවක් නෑ. එක එක මාධ්‍යයේ අපේ ක්‍රීඩකයන්ගේ නම් පළවෙනවා. මමත් ඒවා දැකලා කම්පා වුණා. මොකද අපේ ක්‍රීඩකයන්ගේ ආත්මගරුත්වයට ඒක බරපතළ ප්‍රශ්නයක්. අයි.සී.සී. එකට සම්බන්ධ දූෂණ විරෝධී කමිටුව ලංකාවට ඇවිල්ලා ජනාධිපතිතුමා, අගමැතිතුමා හමුවුණා. ඒ අය අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් කිසිම කෙනකුගේ නමක් සඳහන් කළේ නෑ."

"ඒ අය කිව්වේ අවදානමක් තියෙනවා කියලා විතරයි. අපි ඒක අවම කරගන්න අවශ්‍ය නීති ගේනවා. අල්ලස් පනතට අපි නීති ගේනවා. ක්‍රීඩකයන් සහ ක්‍රීඩා සංගම්වල ඉන්න අය රාජ්‍ය නිලධාරීන් ගණයට දාලා, නීතිපතිත් එක්ක කතා කරලා තියෙනවා. තවම එහි අවසන් එකඟතාවන්ට පැමිණිලා නෑ."

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon