මගනැඟුම සුබසාධකෙන් හිරුණිකා කෝටි 2ක් අරන්

  👤  2860 readers have read this article !
By mawbima 2018-10-11

කවින්ධ්‍යා පෙරේරා

"මගනැගුම" මාර්ග ඉදිකිරීම් යන්තේ‍රා්පකරණ සමාගමේ සේවක සුබ සාධක සංගමයේ ගිණුමෙන් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ දේශපාලන හා වෙනත් කටයුතු සඳහා යොදවා ඇති බවට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ කරුණු වාර්තා කරනු ලැබීය.

මඟ නැඟුම මාර්ග ඉදිකිරීම් යන්තේ‍රා්පකරණ සමාගමේ මූල්‍ය වංචාවක් සිදුවී ඇති බවට 84/1 නව නුගේ පාර, පෑලියගොඩ ලිපිනයේ මඟ නැඟුම මාර්ග ඉදිකිරීම් යන්තේ‍රා්පකරණ සමාගමේ ප්‍රධාන අභ්‍යන්තර විගණක මාරගල මුදියන්සේලාගේ සරත් කුමාර යන අය විසින් 2018 මාර්තු මස 20 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක 07හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අනුර ප්‍රේමරත්නමහතා වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

අදාළ වාර්තාවේ සඳහන් වන පරිදි 2015 නොවැම්බර් මස 26 වැනි දිනපොලිස්පතිවරයා විසින් ධ්ට්ර්ථී/ර්ථීඒ/ර්ණීඋඊ/4766/2015 යටතේ පෙත්සමට අදාළ අක්‍රමිකතා සම්බන්ධව විමර්ශන සිදු කිරීමට අනුමැතිය ලබා දී ඇත.

2007 වර්ෂයේදී මෙම සේවක සුබසාධක සංගමයේ ව්‍යවස්ථාවට අනුව මඟ නැඟුම මාර්ග ඉදිකිරීම් යන්තේ‍රා්පකරණ සමාගමේ සාමාජිකයන්ගෙන් රුපියල් 100ක මුදලක් අයකරගෙන 2017 වර්ෂයේ සිට එම මුදල රුපියල් 150 දක්වා වැඩි කර මේ දක්වා එම මුදල අය කරන බව පැමිණිල්ලේ දක්වා ඇත.

2012 වසරේ මඟ නැඟුම මාර්ග ඉදිකිරීම් යන්තේ‍රා්පකරණ සමාගමේ හිටපු සභාපති කිංස්ලි රණවක විසින් උප කොන්ත්‍රාත්කරුවන්ගේ කොන්ත්‍රාත් වටිනාකමින් අයකරගෙන ආපසු නොගෙවන 0.1% මුදල වැඩිකර ගැනීම සඳහා අධ්‍යක්‍ෂ මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර එම මුදල 0.2% දක්වා වැඩි කර ගැනීමට අනුමැතිය ලබාගෙන ඇති බව තවදුරටත් සඳහන් වේ.

තවද මඟ නැඟුම මාර්ග ඉදිකිරීම් යන්තේ‍රා්පකරණ සමාගම විසින් විගණක නිලධාරියකු පත් කරගෙන 2013 හා 2014 වර්ෂවල විගණක කටයුතු සිදුකර ඇති අතර එහිදී හෙළිවී ඇත්තේ 2013 වර්ෂයේ රුපියල් 1,217,750.00 මුදලක් ද 2014 වර්ෂයේ රුපියල් 17,647,179.67ක මුදලක් ද සේවක සුබ සාධක සංගමයේ ගිණුමින් ව්‍යවස්ථාවට පටහැණිව ලබා දී ඇති බව අනාවරණය වී ඇතැයිද අදාළ පැමිණිල්ලේ සඳහන්ව ඇත.

එසේම ඉහත වියදම් අතරින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් ලංකා පොස්පේට් ආයතනය වෙත ලබා දී ඇති මුදල් වෙනුවෙන් බිල්පත් ඉදිරිපත් කර ඇති බවත් ඉතිරි මුදල් ලබා දීම සම්බන්ධයෙන් කිසිදු බිල්පතක් හෝ වියදම් කළ ආකාරයක් විගණනයට ලබා දී නැති බවත් සේවක සංගමයේ වවුචර් කිසිවක් එම කාලයේ පවත්වාගෙන ගොස් නැති බවත් සේවක සුබසාධක සංගමයේ සභාපති ලේකම් හා භාණ්ඩාගාරික යන පුද්ගලයන් විසින් සියලු කටයුතු සඳහා වගකිවයුතු බවත් විගණක නිලධාරියා පවසන බව ද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

එසේම විගණක නිලධාරියාගේ වාර්තාවට අනුව 2013 හා 2014 වර්ෂවල මඟ නැඟුම මාර්ග ඉදිකිරීම් යන්තේ‍රා්පකරණ සමාගමේ සේවක සුබසාධක සංගමයේ ගිණුමින් රුපියල් 18,864,929.67ක මුදලක් දේශපාලන හා වෙනත් කටයුතු සඳහා යොදවා ඇති බව පැහැදිලි වන බවත් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ (අ) 100 වගන්ති යටතේ වැරැදි සිදුකර ඇතැයි ද යන්න සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් තවදුරටත් විමර්ශන සිදුකරන බවට ද වාර්තා කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon