බෘහස්පති - “මව්බිම” ගේය කාව්‍ය රචනා තරගයේ ප්‍රථමයා පුලස්ති

  👤  2762 readers have read this article !
By mawbima 2018-10-11

ඡායාරූප - ඒශාන් දසනායක

බෘහස්පති සරසවිය හා "මව්බිම" පුවත්පත එක්ව පැවැත්වූ 2018 බෘහස්පති - "මව්බිම" සමස්ත ලංකා ගේය කාව්‍ය රචනා තරගයේ ජයග්‍රාහකයන්ට සම්මාන ප්‍රදානය කිරීමේ උළෙල ඊයේ (10දා) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී ප්‍රථම ස්ථානය දිනාගත්තේ "සියුමැලි කඳුළු" පද රචනය කළ වජිර පුලස්ති එදිරිසිංහය. "අධිකාරම් මීගස්තැන්නේ" පද රචනය කළ හරිත විශ්වජිත් මනමේන්ද්‍ර දෙවැනි සම්මානය හිමිකරගත්තේය. තෙවැනි ස්ථානය "උඹ හීනයක් ළඟ" පද රචනය කළ රේණුකා තලතා කුමාරි ගුණසේකර දිනාගනු ලැබුවාය.

ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග හා සහතකපත් හිමිවූ අතර 15 වැනි ස්ථානය දක්වා පද රචකයන්ට සහතික පත්‍ර හිමිවිය.

(සම්පූර්ණ වාර්තාව හෙට පත්‍රයේ පළවේ.)
බෘහස්පති - "මව්බිම" ලංකා ගීත රචනා තරගයේ ත්‍යාග හා සහතිකපත් ප්‍රදානෝත්සවය ඊයේ (10දා) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon