ව්‍යවස්ථාදායක සභාවේ සෙසු 6 දෙනාගේ නම් ජනපති අතට

  👤  2807 readers have read this article !
By mawbima 2018-10-11

දෙනගම ධම්මික රණවීර,
ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට පත් කළ යුතු සාමාජිකයන් 10 දෙනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය හා විපක්‍ෂ නායක ආර්.සම්පන්දන් යන මහත්වරුන් අතර ඊයේ (10දා) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති සාකච්ඡාවේදී පත්කර තිබේ.

ඒ අනුව අගමැතිවරයාගේ නියෝජිතයා වශයෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල, විපක්‍ෂ නායකගේ නියෝජිත ලෙස චමල් රාජපක්‍ෂ, සුළු පක්‍ෂවල නියෝජිතයා ලෙස බිමල් රත්නායක යන මහත්වරුන් පත්කර ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝජිතයා ලෙස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මීට පෙර පත් කර තිබිණි.

සිවිල් සංවිධාන නියෝජිතයන් ලෙස ආචාර්ය ජයන්ත ධනපාල, නීතිඥ ජාවෙඩ් යුසුෆ්, මහාචාර්ය ජෙෆ්රි අලගරත්නම් යන මහත්වරුන් පත්කර ඇත.

අගමැති, කථානායක සහ විපක්‍ෂ නායක නිල බලයෙන් ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාදායක සභාව නියෝජනය කරති.

මීළඟ අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව හෙට (12දා) දින රැස්වීමට නියමිත බව ද වාර්තා වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon