ජාතික ආර්ථික සභාවේ මහ ලේකම්ගේ ප්‍රකාශය භයානකයි

  👤  2781 readers have read this article !
By mawbima 2018-10-11

හර්ෂනී අර්සකුලරත්න

ශ්‍රී ලංකාව වැටී ඇති ආර්ථික තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා දෙමළ ඩයස්පෝරාවේ මුදල් යොදා ගැනීමට රජය බලාපොරොත්තුවන බවට ජාතික ආර්ථික සභාවේ මහ ලේකම් ආචාර්ය ලලිත් සමරකෝන් කර ඇති ප්‍රකාශය භයානක ප්‍රකාශයක් බවත් එල්.ටී.ටී.ඊ.යට මෙරට ආර්ථික මර්මස්ථානයන්හි ‍ෙදාරගුළු විවෘත වීමක් මෙයින් සිදුවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.

රජය දෙමළ ඩයස්පෝරාවේ මුදල් පාවිච්චි කිරීමට බලාපොරොත්තුවන බවත් රජය ඔවුනට ඔවුන්ගේ මුදල් යොදවා මෙරට මහ පරිමාණ ආයෝජන ආරම්භ කිරීමට විවෘත ආරාධනාවක් සිදුකර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

එල්.ටී.ටී.ඊ.ය යුද බිමේදී පරාජය වූ නමුත් තවමත් ඔවුනට විශාල ආර්ථික ශක්තියක් ඇති බව පෙන්වා දුන් මහාචාර්යවරයා සඳහන් කළේ ලන්ඩනයේ ඉන්ධන පිරවුම්හල්, සමාගම් ඇතුළු බොහෝ වත්කම් ඔවුන් සතුව පවතින බවයි.

මේ ප්‍රකාශය එපරිද්දෙන් සිදුවුවහොත් මෙරට ආර්ථික මර්මස්ථාන සම්බන්ධයෙන් සිය බලය පාවිච්චි කොට ඒ සියල්ලක්ම ඔවුන් සතු කරගැනීම සිදුවිය හැකි බවද මහාචාර්යවරයා පැවැසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (09දා) පුංචි බොරැල්ල වජිරාශ්‍රමයේදී ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon