අපට තිබෙන ලොකුම ප්‍රශ්නය විග්නේශ්්වරන් නෙවෙයි

  👤  2834 readers have read this article !
By mawbima 2018-10-11

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රශ්නයට වඩා මේ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයට රජයෙන් හා ජාත්‍යන්තරයෙන් දේශපාලන හා සමාජීය වශයෙන් විස¼දා ගැනීමට ප්‍රශ්න හා ගැටලු රැසක් ඇති බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මන්ත්‍රිවරයා පවසයි.

දෙමළ මාධ්‍යවේදීන් පිරිසක් සම්පන්දන් මන්ත්‍රිවරයාගෙන් විමසා ඇත්තේ මේ දිනවල සී.වී. විග්නේශ්වරන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා දෙමළ ජාතික සන්ධානය පිළිබඳවත් මීළඟ ප්‍රධාන අමාත්‍ය ධුර අපේක්‍ෂකයා පිළිබඳවත් පවසන දේ සත්‍ය දැයි යන ප්‍රශ්නයයි.

මීට පිළිතුරු දෙමින් කතා කළ සම්පන්දන් මන්ත්‍රිවරයා පසුගියදා (07දා) සවස කොළඹදී පවසා ඇත්තේ ප්‍රධාන අමාත්‍යවරයා විටින් විට පවසන දේ පිළිබඳව පිළිතුරු දෙමින් කාලය කා දැමීමට තමන්ට කාලයක් ඉතිරිව නොමැති බවයි.

ඔහු වරින් වර මාධ්‍ය ඔස්සේ විවිධ දේ ප්‍රකාශ කළත් ඒ සෑම අදහසක්ම දෙමළ ජාතික සන්ධානයේ අදහස් නොවන බව පෙන්වා දී ඇති සම්පන්දන් මන්ත්‍රිවරයා උතුරු පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසුව ඔහුට කරන්නට වෙනත් වැඩක් නොමැති නිසා ඔහු තවත් බොහෝ දේ කියනු ඇතැයිද පවසා තිබේ. උතුරු පළාත් සභාවේ මීළඟ ප්‍රධාන අමාත්‍ය ධුරය සඳහා ඉදිරිපත් කරන පුද්ගලයා සම්බන්ධයෙන් ඉදිරි කාලයේදී දෙමළ ජාතික සන්ධානය තීරණයක් ගන්නා බව පවසන සම්පන්දන් මන්ත්‍රිවරයා මේ අවස්ථාවේදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රශ්නයට වඩා දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය විස¼දා ගැනීමට දෙමළ ජාතික සන්ධානය උත්සාහ කරමින් සිටින බවද ප්‍රකාශ කොට තිබේ.

උතුරු ඉඩම් ප්‍රශ්නයට ආණ්ඩුවේ සාධනීය පිළිතුරක් ලැබී ඇති බව පෙන්වා දෙන සම්පන්දන්මන්ත්‍රිවරයා ලබාදිය හැකි උතුරේ ඉඩම් සියල්ලම මේ වසර අවසාන වීමට පෙර ලබා දීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය ඉතා අගය කරන බවද පවසා තිබේ.

මේ අවස්ථාවේදී ඉතා උග්‍ර ප්‍රශ්නයක් බවට පත්ව ඇති දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නයට කුමන හෝ අන්දමක විසඳුමක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තරයේ හා ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු කරවා ගැනීමට මේ දිනවල තමන් විශාල උත්සාහයක නිරතව සිටින බවද සම්පන්දන් මන්ත්‍රිවරයා මේ අවස්ථාවේදී ප්‍රකාශ කොට තිබේ.

වවුනියාව -රසාදි චතුරංගි ගමගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon