මම මුල් පුරවැසියා වුණොත් පෙරපාසල් ගුරුවරියන්ට වැටුපක් දෙනවා

  👤  3032 readers have read this article !
By mawbima 2018-10-11

කවදාහරි දවසක මම මේ රටේ මුල් පුරවැසියාගේ තනතුරට පත් වුණොත් පෙරපාසල් දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා කැපවන පෙරපාසල් ගුරුවරියන්ට මාසික වැටුපක් ලබා දීමට කටයුතු කරනවා යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක පැවැසීය.

උතුරු, නැඟෙනහිර, උතුරුමැද සහ උෟව පළාත් පෙරපාසල් ගුරුවරියන් 300කට ඩිප්ලෝමා සහතික බෙදාදීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමින් වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා 06 වැනිදා දෙහිඅත්තකණ්ඩියේදී පැවැසීය.
තවදුරටත් අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා මෙසේද පැවැසීය.

පෙරපාසල් දරුවන් යහපත් දරුවන් ලෙස පෝෂණය කරමින් දරුවන් යහමඟට ගන්නට උත්සාහ කරන පෙරපාසල් ගුරුවරියන්ට මෙම රජය මඟින් මාසික වේතනයක් දෙන්නේ නැත්තේ ඇයි කියලා මට ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. පෙරපාසල් ගුරුවරියන් ගෞරවනීය ලෙස මීට වඩා අගය කළ යුතු යැයි මම විශ්වාස කරනවා. සමහර පෙරපාසල්වල මූලික පහසුකම්වත් නොමැතිව දක්‍ෂ දරු පරපුරක් රටට බිහි කිරීමට අඩිතාලම දමන්නේ පෙරපාසල බව කිව යුතුයි. මගේ සිහිනයක් තිබෙනවා හරිද වැරැදිද කියන්න මම දන්නේ නැහැ. අනෙකුත් රටවල් සමඟ කරන පෙරපාසල් ක්‍රමය ලංකාවට හඳුන්වා දිය යුතුයි.

ගාමිණී දිසානායක පදනම හා රොටරි සමාජය එක්ව කරන සේවය හරිම වටිනවා. ඒ නිසා පෙරපාසල් දරුවන්ගේ අධ්‍යාපනයට හා පෙරපාසල් ගුරුවරියන්ට කරන සේවයට මම රොටරි සමාජයට ස්තුති කරනවා. උතුර - නැඟෙනහිර සිංහල ප්‍රදේශවල මිනිසුන්ගේ හදවත් විශ්වාස කරගෙන සියලුම ජාතීන්ගේ මනුස්ස වටිනාකම් ඉහළට දමා එම ජන ජීවිතවල ජාතිවාදී, ආගම්වාදී ප්‍රශ්නයක් මතු වීමට අපි ඉඩ නොතැබිය යුතුයි. ජාතිවාදයක් අපේ රටට අවශ්‍ය නැහැ. පෙරපාසල් ගුරුවරියන් කරන සේවය මම හරියට අගය කරනවා. ඒ නිසා විශේෂිත වූ ගුණාත්මක දරුවන්ගේ ආකල්ප සෑදීම හා පෝෂණය වෙනුවෙන් කටයුතු කරන පෙරපාසල් ගුරුවරියන් මම අගය කරනවා.

සිරිපුර - වාසනා ගලප්පත්ති

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon