හිටපු නීතිපති ෂිබ්ලි අෂීස්ගේ වියෝව රටට විශාල පාඩුවක්

  👤  2680 readers have read this article !
By mawbima 2018-10-11

ජනාධිපති නීතිඥවරයකු හා විශ්‍රාමලත් නීතිපතිවරයකු වූ ෂිබ්ලි අෂීස් මහතා දේශප්‍රේමී, අවංක, බුද්ධිමත් චරිතයක් බවත් ඔහු අප අතරින් වෙන්වීම රටට විශාල පාඩුවක් බවත් සර්වෝදය නායක ආචාර්ය ඒ.ටී. ආරියරත්න පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම පණිවිඩයේ ඔහු මෙසේද සඳහන් කර තිබේ.
"ජනාධිපති නීතිඥවරයකු වූද විශ්‍රාමලත් නීතිපතිවරයකු වූද අප සමඟ ව්‍යවස්ථාදායක සභාවේ තෙවසරක් සේවය කළ කල්‍යාණ මිත්‍රයකු වූ ෂිබ්ලි අෂීස් මහතා පසුගිය 08 වැනිදා සඳුදා හදිසියේම අප අතරින් වියෝවීම ගැන ඇසූ කෙණෙහිම මා සිතට ආයේ මෙවැනි අදහසකි. අප සෑම දෙනාටම කවදා හෝ දිනෙක මරණයට මුහුණදීමට සිදු වේ. එහෙත් සමහර පුද්ගලයන් අප අතරින් හදිසියේ වෙන්වූ විට තව ටික කාලයක් අප වෙනුවෙන් සමාජය වෙනුවෙන් මොහුට ජීවත්වීමට හැකි වූවා නම් කෙතරම් යහපතක් දැයි යන්නය.

කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබා නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයට බැඳී එහි ඉහළම ධුරයට පත් වූ ෂිබ්ලි
අෂීස් මහතා දශක කිහිපයක්ම මා දැන සිටි නමුත් පසුගිය වර්ෂ තුන තුළදී ආචාර්ය රධීකා කුමාරස්වාමි මහත්මියද සමඟ ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජය නියෝජනය වන සාමාජිකයන් හැටියට එම රැස්වීම්වලදී මෙන්ම එම විෂයට අදාළව බාහිරදී පැවැත්වූ සාකච්ඡාවලදී ද එතුමාගේ සැබෑ ස්වභාවය දැක ගැනීමට මට හැකිවිය. මෙවැනි දේශප්‍රේමි අවංක සෘජු බුද්ධිමත් ජාතික චරිතයක් අප අතරින් වෙන්වීම රටට විශාල පාඩුවකි.

නීතිය සහ අධිකරණය පිළිබඳව මෙන්ම ව්‍යවස්ථා කටයුතු පිළිබඳවද ඔහු තුළ තිබූ විශාරද බව සහ අත්දැකීම් පමණක්නොව ඕනෑම පුද්ගලයෙක් පිළිබඳව අපක්ෂපාතීව

නිස්සරණධ්‍යාශීව විග්‍රහයක් ඉදිරිපත් කිරීමට තරම් ඔහු තුළ තිබුණු පෘථුල බුද්ධිය සහ දැනීම පුදුමාකාරය. සිවිල් සමාජයේ නියෝජිතයන් හැටියට අප තිදෙනා එක්ව සේවය කරද්දී අපට හැඟී ගියේ කිසිදු ජාති, ආගම්, දේශපාලන, උස් පහත් භේදවලින් තොරව අපේ සේවාවලට දායක වූ මේ පුද්ගලයා කිට්ටුවෙන් ඇසුරු කිරීමට ලැබීම අප ලත් වාසනාවක් බවයි.

75 වැනි වියේදී අප අතරින් වෙන් වූ මේ ශේ්‍රෂ්ඨ ශ්‍රී ලංකා පුත්‍රයාට ඔහු ප්‍රාර්ථනා කළ (ජෙන්නාතුල් ෆ්ඩවුස්) විමුක්ති සුවය ලැබේවා"යි ප්‍රාර්ථනා කරමි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon