ක්‍රිකට් තරග පාවා දුන්නාට හොංකොං ක්‍රීඩකයන් තිදෙනකුට දඬුවම්

  👤  2698 readers have read this article !
By mawbima 2018-10-10

ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාවට වැරදිකරුවන් බවට තීන්දු කරන ලද හොංකොං ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනකු හට වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තහනම් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) පියවර ගෙන තිබේ.

ඒ අනුව තරග පාවාදීමේ චෝදනාවන් සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණයේදී හොංකොං කණ්ඩායමේ දකුණත් මඳ වේග පන්දු යවන තුන්ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් අහමඩ් චෝදනාවන් 9කට ද, වමත් දඟ පන්දු යවන ක්‍රීඩක නදීම් අහමඩ් චෝදනා 5කට හා තුන් ඉරියව් ක්‍රීඩක හෂීබ් අම්ජඩ් චෝදනා 5කට වරදකරුවන් බවට අයි.සී.සී.ය තීරණය කර ඇත.

2015 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී, 2016 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී සහ 2014 විස්සයි -20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමට උත්සාහ ගත් බවට වූ චෝදනාවන් සම්බන්ධයෙන් අයි.සී.සී.ය සිදු කරන ලද පරීක්ෂණයේදී මේ බව අනාවරණය වී ඇති අතර මේ හේතුවෙන් ඔවුන්ට ඉහත දඬුවම නියම කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයන් හට මෙම දඬුවම සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා මෙම මස 8 වැනිදා සිට සතියක කාලයක් ලබා දීමට අයි.සී.සී.ය විසින් පියවර ගෙන තිබීමද විශේෂත්වයකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon