ගාල්ලේ නඩුවට ඊයේ ක්‍රිකට් ආයතනයෙන් පැමිණ නැහැ

  👤  2673 readers have read this article !
By mawbima 2018-10-10

ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සේවයේ නියුතුව සිටි සේවකයන් තිදෙනෙකු එහි සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔවුන් විසින් කම්කරු උසාවියේ පවරා තිබූ නඩුව ඊයේ (9දා) විභාග කිරීමට නියමිතව තිබුණද ඒ සඳහා කැඳවීම් ලැබී තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකිවයුතු නිලධාරීන් 5 දෙනකු හදිසියේ අසනීප වූ බව පවසමින් එම නඩුව සඳහා සහභාගි නොවූ බව 'මව්බිමට' වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක අෑෂ්ලි ද සිල්වා, ජාත්‍යන්තර ක්‍රීඩාංගණ කළමනාකරු ගොඩ්ෆ්‍රි දාබරේරා සහ පරිපාලන කළමනාකරු අසන්ත දසනායක යන නිලධාරීන් ද මෙසේ එම නඩුව සඳහා සහභාගි වී නොමැති අතර හිටපු මානව සම්පත් කළමනාකරු ලසිත මෙන්ඩිස් සහ ප්‍රසන්න ජිනරතන යන මහත්වරුන් මේ වන විට තමන් ක්‍රිකට් ආයතනයේ සේවය නොකරන බව පවසමින් සිතාසි භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

වසර දෙකකට වඩා වැඩි කාලයක් තම රැකියාව සහ වැටුප අහිමි වූ ගාල්ල ක්‍රීඩාංගණ සම්බන්ධීකාරක, පරිගණක ක්‍රියාකරවන්නිය සහ ගිණුම්කරණ ලිපිකාරිනිය විසින් ගාල්ල කම්කරු උසාවියේ මෙම නඩුව ගොනු කර තිබිණි. කෙසේ වෙතත් ඊයේ පැවැති නඩු වාරයට සහභාගි නොවූ ධනංජය විජේසිංහ මහතා වෙනුවෙන් පමණක් නීතීඥවරයෙක් ඉදිරිපත් වී ඇති අතර එකවර අසනීප වූ ක්‍රිකට් නිලධාරීන් සියල්ලන්ටම දෙසැම්බර් මස 7 වැනිදාට නියමිත මීළඟ නඩු වාරයේදී වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවද දැනගන්නට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon