අදින් ඇරැඹෙන ශ්‍රී ලංකා-එංගලන්ත ක්‍රිකට් තරගාවලිය නැරැඹීමේ අවස්ථාව එම්.ටී.වී. රූපවාහිනියෙන්

  👤  2614 readers have read this article !
By mawbima 2018-10-10

ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට්, එක්දින හා විස්සයි-20 තරගාවලියේ එක්දින ක්‍රිකට් තරගාවලිය අද (10දා) සිට ආරම්භ වන අතර, මෙම සියලුම තරගවල මෙරට විකාශන අයිතිය හිමිව ඇත්තේ එම්.ටී.වී. (ර්.ඊ.ඍ.) මාධ්‍ය ජාලයට වීම විශේෂත්වයකි.

එහිදී දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු හා දෙවැනි එක්දින තරග අද (10) හා 13 වැනිදා දඹුල්ල ක්‍රීඩාංගණයේදීත්, තෙවැනි හා සිවුවැනි එක්දින තරග පිළිවෙළින් 17 වැනිදා හා 20 වැනිදා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීත් පැවැත්වෙන අතර, අවසන් එක්දින තරගය 23 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදීත් ආරම්භවීමට නියමිතව ඇත.

ඉන් අනතුරුව දෙරට අතර පැවැත්වෙන එකම විස්සයි-20 තරගය ඔක්තෝබර් 27 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙන අතර, තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 6 වැනිදා සිට ආරම්භවීමට නියමිතය.

ඒ අනුව මෙහි සියලුම තරග සිරස ටී.වී. හා ටී.වී. වන් නාළිකා ඔස්සේ සජීවීව නැරඹීමට මෙරට ක්‍රීඩාලෝලීන්ට අවකාශය හිමිව තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon