මේ රට ගොඩගන්න පුළුවන් වුණත් ඊට සුදුසු නායකයන් අපට නෑ

  👤  2744 readers have read this article !
By mawbima 2018-10-10

අපේ රටේ තියෙන දුප්පත්කමේ හැටියට සොරකම් මිනීමැරුම් වෙනවා අඩුයි. ඒ වගේම රට තවම නරකම පාතාලයට වැටී නැති නිසා රට ගොඩනඟන්න පුළුවන් වුවත් රටට ඔබින දේශපාලන නායකත්වයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ මීරිගම ගනේගොඩදී පසුගියදා පැවැසූහ.

රතන හිමියන් මේ බව ප්‍රකාශ කළේ සෙත් ජය ජය පදනම සංවිධාන කළ ගනේගොඩ සිරිමල්වතු විහාරයේ පැවැති ජනහමුවේදීය.

රතන හිමියෝ එහිදී මෙසේද පැවැසූහ.

පාලකයෝ මොනදේ කළත් අපිට කමක් නැහැ. අපි එකතු වෙලා අපේ ගම ගොඩ නඟනවා කියන විශ්වාසය ඇති කරන්න අදහස් පළ කරන්න මම පැමිණියා. අපේ රට හරිම ලස්සන රටක්. කැනඩාව හොඳයි එංගලන්තෙ හොඳයි කිව්වට ලංකාව හොඳයි. කොච්චර නියඟ තිබුණත් සදාහරිත කොළ පාට තියෙනවා.

අපේ රටේ තියෙන දුප්පත්කමේ හැටියට සොරකම් මිනීමැරුම් වෙනවා අඩුයි. ඊට හේතු වී තියෙන්නේ දියුණු සංස්කෘතියක් අපිට තිබීමයි. ඒ නිසාම අපි තවම සම්පූර්ණයෙන් පිරිහිලා නැහැ. ආර්ථිකය හොඳට තියෙන රටවල මීට වඩා හොරකම් මිනීමැරුම් සිද්ධ වෙනවා. රට තවම නරකම පාතාලයට වැටී නැහැ. මේ රට ගොඩනඟන්න පුළුවන්. නමුත් ඒක කරන්න බැරිවෙලා තියෙන්නේ රටට ඔබින දේශපාලන නායකත්වයක් නැතිකමයි.

පාසලට හොඳ විදුහල්පතිවරයකු, පන්සලට නායකත්වයක්, තියෙන නිසා දියුණු වෙනවා. ගමට නායකයෙක් ඕන කරනවා. නමුත් මුළු රටට හොඳ නායකයෙක් හොයාගන්න බැරි වෙලා නිසා රටක් විදියට අපි අනාථයි. මේ රට ගොඩනඟන්න යෝධ නායකයෙක් තවම හොයා ගන්න බැරි වෙලා. මේ රට ගොඩනඟන්න අපේ තියෙන සම්පත් පාවිච්චි කරලා රට දියුණු කරන්න පුළුවන්.

රටට ලැබෙන ඉර එළිය පවා සම්පතක්. කොන්ක්‍රීට් නගර හැදුවොත් හිමාලය සිසාරා එන මහා සුළං පහර, අපිට කවදාවත් වැස්ස ලැබෙන්නේ නැහැ. කාන්තරයක් බවට අපේ රට පත් වෙනවා. ඒක කරන්නයි අපේ පාලකයෝ හදන්නේ. මෙගා සිටි මෙගා නාඩගම හරහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කරන්නේ කමකට නැති වැඩක්. මේ මෙගා සිටි නාඩගම වෙනුවට ස්වභාවධර්මයත් එක්ක යන අතීතයක් අපිට තිබුණා.

ආදායමක් නැතැයි කියන තේ අක්කර ලක්ෂයකින් පාඩුයි කියා හෝටල් හදන්න දෙන්න හදනවා. මෙම වතු ආර්ථික වටිනාකමක් නැති කැලයක් බවට පත්කිරීම ඊට වඩා වැදගත්. ඇමෙරිකාව පරමාදර්ශයට ගන්නා රනිල් වික්‍රමසිංහ මහත්තයාට මම කියනවා ට්‍රම්ප්ගෙන් ඉගෙන ගන්න කියලා.

මීරිගම - දිනුෂි කේ.එම්. ආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon