තෙබුවන සිද්ධිය ගැන ප්‍රකාශයක් ගැනීමට මතුගම පොලිස් අධිකාරි අද පොලිස් විශේෂ විමර්ශන ඒකකයට

  👤  2710 readers have read this article !
By mawbima 2018-10-10

කොළඹ - එම්.සී. පෙරේරා

තෙබුවන පොලිසියේ සැරයන්වරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු එහි ස්ථානාධිපතිවරයා නිදහස් කළ වැලි ලොරියට තිබූ බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය වී ඇත්දැයි සොයා බැලීම සඳහා එම බලපත්‍රය භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට යොමු කර තිබේ.

පූජිත් ජයසුන්දර මහතාගේ නියෝග මත සහකාර පොලිස් අධිකාරි කිංස්ලි ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් පෙරේදා (08දා) තෙබුවනට ගොස් මේ පිළිබඳ පරීක්ෂණ ඇරැඹීය.

මේ සම්බන්ධයෙන් වැලි ලොරිය අත්අඩංගුවට ගත්දා සැරයන්වරයා සමඟ රාජකාරි කළ පොලිස් නිලධාරීන්, එදින උප සේවා රාජකාරි කළ පොලිස් නිලධාරීන් හා ඉකුත් 03 වැනි දින සැරයන්වරයා රාජකාරි ගිනි අවිය තෙබුවන පොලිසියෙන් පිටතට රැගෙන යන අවස්ථාවේ සිටි නිලධාරීන් මෙන්ම ඔහු තෙබුවන නගරයේදී නොසන්සුන්කාරීව හැසිරෙන අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් හා සිවිල් පුද්ගලයන් ඇතුළු විසි දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබාගත් බව පොලිස් විශේෂ විමර්ශන අංශයේ නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතා පැවැසීය.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මතුගම පොලිස් අධිකාරි සංජය ඉරසිංහ මහතා අද (10දා) දින පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කැඳවා ඇති බවද පොලිස්පතිවරයා වැඩිදුරටත් කීය.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝග මත පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි කිංස්ලි ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon