බණ්ඩාරනායක දිනය නිමිත්තෙන් බණ්ඩාරනායක ත්‍රිත්වයේ ගුණ සමරුව අද

  👤  665 readers have read this article !
By mawbima 2018-09-26

දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතුන්ගේ 59 වැනි ගුණ සමරුව නිමිත්තෙන් බණ්ඩාරනායක ත්‍රිත්වයේම ගුණ සමරු මහෝත්සවයක් පැවැත්වීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා කටයුතු සංවිධානය කර ඇත.

ඒ අනුව දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සහ හිටපු කථානායක අනුර බණ්ඩාරනායක මහතා යන බණ්ඩාරනායක ත්‍රිත්වයේම ගුණ සමරුවක් අද (26දා) පස්වරු 4ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමරු උත්සවයේදී එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ගුණ සමරු දේශනය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින්ද සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ගුණ සමරු දේශනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා විසින්ද අනුර බණ්ඩාරනායක මහතා පිළිබඳ සමරු දේශනය බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා විසින්ද පවත්වනු ලැබේ.

මෙම ගුණ සමරු මහෝත්සවයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියද උත්සවය ඇමැතීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්, පළාත් සභා මන්ත්‍රිවරුන් ඇතුළු විශේෂ ආරාධිතයන් රැසකට ආරාධනා කර ඇත.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය ප්‍රමුඛ බස්නාහිර පළාත් සභාව මෙම උත්සවය සංවිධානය කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon