වැල්ලවත්තේ නිවෙසක තිබූ මත්පැන් බෝතල් සමඟ පුද්ගලයකු දැලේ

  👤  757 readers have read this article !
By mawbima 2018-09-26

කොළඹ _ එම්.සී. පෙරේරා

බලපත්‍ර නොමැතිව වැල්ලවත්ත ස්වර්ණ පෙදෙස දෙමහල් නිවෙසක අලෙවි කරමින් තිබූ රජයේ මත්පැන් බෝතල් තොගයක් සැකකරුවකු සමඟ පසුගිය 24දා වැල්ලවත්ත දිසා දූෂණ මර්දන අංශයෙන් අත්අඩංගුවට ගෙන ඇත. මෙම වැටලීමේදී එම නිවෙසේ ගබඩා කර තිබූ මත්පැන් බෝතල් 16ක් හා කාලේ මත්පැන් බෝතල් 65ක් සොයා ගෙන ඇති අතර එහි වටිනාකම රු. 80,000ක් පමණ වන බව පොලිසිය කියයි. පෝදින වැනි මත්පැන්හල් වසා තබන දිනවල වැල්ලවත්ත ස්වර්ණ පෙදෙසේ දෙමහල් නිවෙසක වැඩි මිලට රජයේ අරක්කු අලෙවි කරන බවට වැල්ලවත්ත දිසා දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සමන් ශ්‍රී පද්මලාල් මහතාට ලැබුණු තොරතුරක් අනුව වැටලීම කර ඇත.

මත්පැන් ජාවාරම්කරු ත්‍රිරෝද රථ රියැදුරකු බවද අනාවරණය වී ඇත.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, සහකාර පොලිස් අධිකාරි (මධ්‍යම සහ) වික්‍රමසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත වැල්ලවත්ත දිසා දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සමන් ශ්‍රී පද්මලාල්, උප පොලිස් පරීක්ෂක කැලුම් සෝමරත්න, සැරයන් දයාසේන (26019), කොස්තාපල්වරුන් පැතුම් (60892), කුලරත්න (67592), කුමාර (82730), වීරසිංහ (83764), බණ්ඩාර (16060) හා කාන්තා පොලිස් කොස්තාපල් ප්‍රදීපා (9595) මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon