රජයේ ආධාර ලබන පාසල් සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක පනත සංශෝධනය කරන්නට එකඟවෙයි - ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජොශප් ස්ටාලින්

  👤  685 readers have read this article !
By mawbima 2018-09-26

උයන්ති මුණසිංහ

ජාතික අධ්‍යාපන කොමිසමේ නිලධාරීන් පිරිසක් සමඟ තම සංගමය ඊයේ (25දා) පැවැත්වූ සාකච්ඡාවකදී රජයේ ආධාර ලබන පාසල් සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක පනත සංශෝධනය කිරීමට ඔවුන් එකඟ වූ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් සඳහන් කළේය. දැනට ආධාර ලබන පාසල් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පනත්වල ආධාර ලබන පාසල්වල සේවය කරන ගුරුවරුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව කිසිදු සඳහනක් නොමැති අතර, මේ පාසල්වල සේවය කරන 8000කට ආසන්න ගුරුවරුන් ඒ තත්ත්වය මත පීඩාවට පත්ව ඇති බවද ඔහු සඳහන් කළේය.

රජයේ ආධාර ලබන පාසල් 36ක් සහ රජයේ අනුමත පාසල් 44ක් පවතින අතර මේ ආධාර ලබන පාසල්වල ගුරුවරුන්ගේ වැටුප් ගෙවනු ලබනුයේ රජයෙන් බවත්, එසේම ඒ පාසල්වල සිසුන්ට නිල ඇඳුම් සහ පෙළ පොත්ද රජයෙන් දෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

නමුත් එම ගුරුවරු පත් කිරීම මෙන්ම එම ගුරුවරුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් මැදිහත්වීමට ඉහත පනත් අනුව අවකාශයන් සැලසී නැති බවටද ඔහු චෝදනා කළේය.

මේ තත්ත්වය පිළිබඳව පැවැති සාකච්ඡාවේදී ජාතික අධ්‍යාපන කොමිසම මෙයට පිළියමක් ලෙස පනත් සංශෝධනය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමටත්, ඒ සඳහා ඉදිරියේදී කොමිසම රැස්වී තීරණයක් ගන්නා බවටත් එකඟතාව පළ කළ බවද ඔහු කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon