මෙරට සංවර්ධනයට ඇමෙරිකාවෙන් කෝටි 8,000ක්

  👤  2206 readers have read this article !
By mawbima 2018-09-26

ඇමෙරිකානු රජය විසින් පවත්වාගෙන යන සහශ්‍ර සහයෝගිතා සංස්ථාවේ (ර්ඪතතඥදඪභථ ඛ්ඩචතතඥදඨඥ ඛ්ධධනඥපචබඪධද) ප්‍රධාන ක්‍රියාකාරි නිලධාරි බේ‍රාක් බියර්මන් (ඕපධජඬ ඕඪඥපථචද) මහතා පෙරේදා (24දා) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නතර වී සිටින 'ලෝව්ස් රීපන්සි' හෝටලයේ පැවැති විශේෂ හමුවේදී මේ බව සහතික කළේය.

ඇමෙරිකානු කොංග්‍රසයේ සහ 'සහශ්‍ර අභියෝග සහයෝගිතාවේ' අනුමැතිය ඉක්මනින් ලබා ගන්නා බවත් මේ වසරේ දෙසැම්බර් මස කොළඹදී අදාළ ගිවිසුම අස්සන් කළ හැකි බවත් බියර්මන් මහතා මෙහිදී පැවැසීය.
ගිවිසුම අස්සන් තැබීමේ උළෙලට සහභාගි වන ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඔහු විශේෂයෙන්ම ආරාධනා කළේය.

මෙම ආධාර මුදල ලංකාවේ ප්‍රවාහන, යටිතල පහසුකම්, මහාමාර්ග සංවර්ධනය, බස් නවීකරණය කිරීම, වාහන තදබදය කළමනාකරණය කිරීම ආදී සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සඳහා යොදවනු ඇත.
අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, තිලක් මාරපන යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon