ආර්ථික අර්බුදයෙන් රට බේරා ගැනීමට නොහැකි නම් ආණ්ඩුව වහාම ඉවත් විය යුතුයි -හිටපු ඇමැති මහාචාර්ය තිස්ස විතාරණ

  👤  2310 readers have read this article !
By mawbima 2018-09-26

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

මේ වන විට ඇති වී ඇති ආර්ථික අර්බුදයෙන් රට බේරා ගැනීමට ආණ්ඩුවට නොහැකි නම් ආණ්ඩුව වහාම ඉවත් විය යුතු යැයි හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කරයි.

දේශපාලන, ආර්ථික හා සමාජීය වශයෙන්ද රට කඩා වැටී ඇති තත්ත්වයක් මත ආණ්ඩුව ගන්නා පියවරයන් පිළිබඳව පැහැදිලි තත්ත්වයක් පෙනෙන්නට නොමැති බවත් රට බංකොළොත් තත්ත්වයකට පත් වන්නට ඉඩ දීම ඉතා නරක ප්‍රතිපත්තියක් බවත් ඒ මහතා පැවැසුවේය.

මෙම ප්‍රශ්න පාලනය කිරීමට නොහැකි වී ඇත්තේ ඇමෙරිකාවෙන් ලබාදෙන ණය සඳහා අය කරන පොලිය වැඩි කිරීම නිසා යැයි අගමැතිවරයා පවසන බවත් ඇමෙරිකාවට ගැති ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළින් ඉදිරියේදී මෙම අර්බුදයන් තවත් උග්‍රවිය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

තිස්ස විතාරණ මහතා මේ අදහස් පැවැසුවේ ඊයේ (25දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon