ළඟදීම පොලිස් ලොක්කන් කිහිිපදෙනකු යට

  👤  2870 readers have read this article !
By mawbima 2018-09-25

චාමර අමරසූරිය

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සම්බන්ධයෙන් සිදු වන විමර්ශනවලට අදාළව ඉදිරි දින කිහිපය තුළ පොලිස් ප්‍රධානීන් කිහිපදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිතය.

පොලිස් ප්‍රධානීන් කිහිපදෙනකු ඔවුන් දරන තනතුරුවලින් නෙරපීමට නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කුමන්ත්‍රණය කළ බව දූෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණය කර තිබිණි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, බස්නාහිර පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, පොලිස් අධිකාරි නිහාල් තල්දුව, සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්ත අල්විස් සහ වරකාපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්. ජනකාන්ත යන නිලධාරීන්ගේ නම් එකී මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරිණි. එසේම ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් සමන් දිසානායක මහතාද ඔහු දරන තනතුරෙන් ඉවත් කිරීමටද, නාලක ද සිල්වා මහතා කුමන්ත්‍රණය කළ බවට එම මාධ්‍ය හමුවේදී නාමල් කුමාර මහතා කරුණු අනාවරණය කර තිබිණි.

ඒ අනුව නාලක ද සිල්වා මහතාට එරෙහිව සිදුවන විමර්ශනවලට අදාළව නම් අනාවරණය වූ පොලිස් අධිකාරි නිහාල් තල්දුව, සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්. ජනකාන්ත යන නිලධාරීන් තිදෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඉතිරි ජේ‍යෂ්ඨ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ඉදිරි දින කිහිපය තුළ ලබා ගැනීමට කටයුතු කරන බවද අපරධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon