ආයෝජන මණ්ඩලය මෙහෙම කියයි මව්බිම ඉදිරිපත් කළේ ජනාධිපති වෙත යැවූ ලිපියේ අඩංගු කරුණුයි

  👤  2891 readers have read this article !
By mawbima 2018-09-25

විදුලි දුම්රිය ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය මෙතෙක් නොලැබීමට බලපා ඇති ප්‍රධානතම හේතුව වන්නේ ව්‍යාපෘති අනුමැතිය ලබා ගැනීම සඳහා අදාළ ඉතාම වැදගත් ලිපි ලේඛන නිවැරැදිව ඉදිරිපත් කිරීමට මෙතෙක් ආයෝජකයා අපොහොසත් වී ඇති නිසා බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.

අනුෂ්කා රේණු මහත්මිය විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද ටයිප් පිටු පහකින් යුත් දීර්ඝ ලිපියකට ඇතුළත් කර තිබූ තොරතුරුයි. එම ලිපියේ ඇතැම් අයගේ නම් පවා සඳහන්ව තිබුණත් මව්බිම පුවතේ ඒ කිසිවක් සඳහන් කර නැත.

ලිපියේ තොරතුරු ගැන සමාගමේ සභාපතිනියගෙන් මව්බිම ඊයේ කළ විමසුමකදී පැවැසුවේ ජනාධිපතිතුමාට යැවූ ලිපියේ අඩංගු සියලු කරුණු සත්‍ය බවයි.ආයෝජන මණ්ඩලය එසේ පවසන්නේ විදුලි දුම්රිය ව්‍යාපෘතියෙන් 'ඇමැති දෙපළක් කොමිස් ඉල්ලති' යන සිරස්තලය යටතේ පසුගිය 23 වැනිදා 'ඉරිදා මව්බිම' පත්‍රයේ පළවූ ප්‍රධාන පුවත පිළිබඳ කරුණු පැහැදිලි කරමිනි.
එම මණ්ඩලයේ මාධ්‍ය අංශය 'මව්බිම' වෙත යොමු කළ කරුණු පැහැදිලි කරන නිවේදනයේ මෙසේද දැක්වේ.

මෙම පුවත් වාර්තාව තුළින් චෝදනා නඟා ඇත්තේ රටේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් දෙපළකට සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහළ නිලධාරීන් වෙතය.

මෙවැනි විශාල ව්‍යාපෘති ඇරැඹීම සඳහා අත්‍යවශ්‍ය සාධක වන ආයෝජකයා සතු මූල්‍යමය සහ තාක්ෂණික ශක්‍යතාවත්, ආයතනයේ පෙර ව්‍යාපෘති වාර්තා වැනි දෑ නිවැරැදිව ඉදිරිපත් කිරීමට ආයෝජකයා සමත් විය යුතුය.
මහ පරිමාණ ආයෝජන ව්‍යාපෘති අනුමත කිරීම සඳහා රජය විසින් පිහිටුවා ඇති 'තනි කවුළු ආයෝජන අනුමත කිරීමේ කමිටුව' (ඉඪදඨතඥ එඪදඤධඵ ධ්දමඥඵබථඥදබ ඒනනපධමචත ඛ්ධථථඪබබඥඥ) විසින් මෙම ආයෝජන ව්‍යාපෘතිය කිහිප වරක් ඇගැයීමට ලක් කරන ලදී. මෙම ඉහළ පෙළේ කමිටුවේ සභාපතිත්වය දරනු ලබන්නේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා විසිනි. ආයෝජකයන්ගේද සහභාගිත්වයෙන් අවසන් වරට 2017.11.10 දින රැස්වූ මෙම කමිටුව විසින් ව්‍යාපෘතියට අදාළ සියලුම ලිපි ලේඛන සම්පූර්ණ කරන ලෙස සමාගමටත් ආයෝජන මණ්ඩලයටත් උපදෙස් දෙන ලදී. එහෙත් මේ වන තෙක් අදාළ ලිපි ලේඛන නිවැරැදි ලෙස සම්පූර්ණ කොට ආයෝජන මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට සමාගම අපොහොසත් වී ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා සමාගම විසින් ඉල්ලා සිටිනු ලබන බදු විරාමයන් ලබාදීම දැනට පවතින නීති රාමුව තුළ සිදු කළ නොහැකිය. ඒ සඳහා දැනට පවතින නීති රෙගුලාසි වෙනස් කිරීම කළ යුතුව ඇත.

එමෙන්ම මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා අක්කර 4000ක පමණ ඉඩම් ප්‍රමාණයක් ආයෝජකයා විසින් ඉල්ලුම් කර ඇති අතර, ඉන් අක්කර 2,000ක රාජ්‍ය ඉඩම් ලබාගැනීමට බලාපොරොත්තු වේ. ඊට අමතරව පෞද්ගලික බැංකුවක් සහ ව්‍යාපෘති පරිශ්‍රය තුළ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ඇති කළයුතු බවත් දන්වා ඇත. මුතුරාජවෙල ජැටිය අක්කර 600ක් දක්වා සංවර්ධනය කිරීමට අවශ්‍ය බවත්, සෑම කාර්මික කලාපයකටම මත්පැන් බලපත්‍ර සහිත සුපිරි පන්තියේ හෝටල් සංකීර්ණ ඉදිකිරීමටත්, සමාගම ඉල්ලුම් කර තිබේ.

කෙසේ වෙතත් මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබාදීමේදී අවශ්‍ය කරන ආයෝජකයා සතු මනා පළපුරුද්ද, මූල්‍යමය ශක්‍යතාවන්, තාක්ෂණික දැනුම වැනි දෑ නිවැරැදි ලෙස ඉදිරිපත් කිරීමට සමාගම මේ දක්වා අපොහොසත් වීම නිසා අනුමැතිය ලබාගැනීම ප්‍රමාද වී ඇත.

මේ අනුව මෙම ව්‍යාපෘතිය අනුමත කිරීම ප්‍රමාද වීම සම්බන්ධව ආයෝජක සමාගම විසින් නඟනු ලබන පදනම් විරහිත සහ ද්වේශසහගත චෝදනා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් එකහෙළා ප්‍රතික්ෂේප කරයි.

 

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon