මාලදිවයින් නව ජනපතිට සුබ පැතුම්

  👤  2867 readers have read this article !
By mawbima 2018-09-25

ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය ඉහළට ඔසවා තැබීමේ තීරණාත්මක ආකාරයකින් ජනතාව සිය ඡන්ද බලය පාවිච්චි කළ මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂක ඉබ්‍රාහිම් මොහමඩ් සෝලි මහතා ජයග්‍රහණය අත්කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය ප්‍රසාදය පළ කරයි.

නිදහස්, සාධාරණ හා සාමකාමී, සාර්ථක ජනපතිවරණ ක්‍රියාදාමයක් පැවැත්වීම පිළිබඳව මාලදිවයින් රජයට සහ ජනතාවට අපි අපේ ප්‍රශංසාව පුද කරමුයි විදේශ කටයුතු අමාත්‍යාංශය මාලදිවයින් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මැතිවරණ කොමිසම තවමත් අවසන් ප්‍රතිඵල නිකුත් කොට නොමැති වුවද සෝලි මහතාගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් අපි ඔහුට සුබ පතන අතර මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ඇති සබඳතා වඩාත් ඉහළ තලයකට රැගෙන ඒම සඳහා ඔහු සහ මාලදිවයිනේ ජනතාව සමඟ සමීපව කටයුතු කිරීමට උදක්ම අපේක්ෂා කරමුයිද එම නිවේදනයේ දැක්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon