හිටපු පොලිස්පති කෙනකු කොල්ලුපිටියේ කැසිනෝ පොළක ආරක්‍ෂකයා වෙලා

  👤  2892 readers have read this article !
By mawbima 2018-09-25

කුමුදු උපුල් ශාන්ත

මීට වසර කීපයකට ඉහතදී විශ්‍රාම ගිය පොලිස්පතිවරයකු කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි සූදු පොළක (කැසිනෝ) ආරක්‍ෂක අංශ භාර නිලධාරියකු වශයෙන් කටයුතු කරන බව වාර්තා වෙයි.

පසුගිය දිනක ඔහු සේවයෙහි නියුතුව සිටි ආයතනයේ සූදු සෙල්ලම් කිරීම සඳහා යොදා ගන්නා 'සූදු කැට' පනහක් (50) අස්ථාන ගතවී ඇති බවද ඉහත කී හිටපු පොලිස්පතිවරයා දුරකථනය මඟින් එකී සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වෙත කළ දැනුම්දීමකින් පසු ඔහු එකී ආයතනයේ ආරක්‍ෂක අංශ භාර නිලධාරියකු වශයෙන් කටයුතු කරන බව පොලිසිය මඟින් අනාවරණය කරගෙන ඇති බවද වාර්තා වෙයි.

මෙම පොලිස්පතිවරයාට එරෙහිව පසුගිය කාලයේ චෝදනා කීපයක් එල්ල වී තිබූ අතර ඔහු ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක්ද ලබාදී තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon