වතුකරයේ ජනතාවට යම් දෙයක් දිනා ගැනීමට අරගල කළ යුතු වෙනවා- රාජ්‍ය අමාත්‍ය වී. රාධා ක්‍රිෂ්ණන්

  👤  2854 readers have read this article !
By mawbima 2018-09-25

ලක්ෂ්මී ජයකොඩි

වතුකරයේ දෙමළ ජනතාව යම් අරමුණක් දිනාගැනීමට නම් ඒ සඳහා අරගල කළ යුතුවම තිබේ යැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහචතා පැවැසීය.

වතුකම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කරන්නැයි ඉල්ලමින් දෙමළ ප්‍රගතිශීලී සන්ධානය පෙරේදා (23දා) තලවකැලේ නගරයේදී පැවැත්වූ විරෝධතා ව්‍යාපාරය අමතමින් අමාත්‍යවරයා මේ බව කීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීම වෙනුවෙන් කමිටුවක් පත් කොට ඊට අදාළ කටයුතු කිරීම අගය කරනවා. එසේම වතු කම්කරුවන්ගේ දෛනික වැටුපද කාලයට සරිලන පරිදි වැඩි කිරීමට රජය කටයුතු කළ යුතුයි.

අද රටේ සංවර්ධනයේ සිටම දේශපාලනයේ වෙනස්කම් දක්වාම වතුකරයේ ජනතාවගේ පංගුකාරිත්වයක් තිබෙනවා. එහෙත් අනෙකුත් සියලු කටයුතුවලදී වතුකරයේ ජනතාව වෙන්කර තබන්න කටයුතු කරනවා. යහපාලන ආණ්ඩුව පමණක් නොවෙයි රටේ ආණ්ඩු කළ සෑම ආණ්ඩුවක්ම කළේ මෙයයි.

මේ තත්ත්වය වෙනස් විය යුතුයි. අවම වශයෙන් දෙවසරකට වරක් හෝ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවිය යුතුයි.

මෙම අවස්ථාවට කම්කරු සංගමයේ නායක අමාත්‍ය පලනි දිගම්බරම් මහතාද එක්ව සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon