ඉන්දියාවට පැවරූ තෙල් ටැංකි 15න් ඔවුන් අදටත් පාවිච්චි කරන්නේ දචයක් පමණයි

  👤  2965 readers have read this article !
By mawbima 2018-09-25

අනුරාධා හේරත්

ආණ්ඩුව ඉන්දියාවට තෙල් ටැංකි විකිණීමට අනුමැතිය පළ කළත් මීට වසර 15කට පෙර ඉන්දියාවට පැවරූ තෙල් ටැංකි 15න් ඔවුන් අදටත් පාවිච්චි කරන්නේ දහයක් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක අනාවරණය කරයි.

එම නිසා මෙම තෙල් ටැංකි පැවරීමේ වුවමනාව යට සැඟව ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහගේ දේපළ විකිණීමේ වුවමනාව සහ ඉන්දියාවේ දේශපාලන වුවමනාව යන කාරණා දෙක පමණක් බව මන්ත්‍රිවරයා පෙන්වාදෙයි.

එමෙන්ම ඉන්දියාවට තෙල් ටැංකි විකිණීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව පැවැසුවද ඊට අදාළ සම්පූර්ණ එකඟතාවන්වලට මෙතෙක් පැමිණ නැති බවද ඒ මහතා "මව්බිම"ට පැවැසීය.

ඔහු පැවැසුවේ මෙම විකිණීමට ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ජිනේරුවන් සහ සේවකයන් තදින්ම විරුද්ධ බවත් මෙය ඉන්දියාවේ ඇඟේ ගැසීමට දරන උත්සහයක් ලෙසද පෙන්නුම් කරන බවය.

රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහි දැවැන්ත ජනතා මතයක් පෙළගැස්වීමට තම පක්ෂය තීරණය කර ඇති බවද හෙතෙම වැඩිදුරටත් කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon