දුම්රිය අනතුරුවලින් වන අලි මියයෑම පිළිබඳව කරුණු සොයන්න විශේෂ කමිටුවක්

  👤  2848 readers have read this article !
By mawbima 2018-09-25

උපතිස්ස පෙරේරා

දුම්රිය මාර්ගයට වන අලින් පැමිණීම හේතුවෙන් නිරන්තරයෙන් සිදුවන වන අලින් මියයෑම, ඔවුන් අනතුරට පත්වීම, දුම්රියන්ට හා දුම්රිය මාර්ගයට අලභ හානි සිදුවීම වැළැක්වීමට අවශ්‍ය කරුණු සොයා බලා වාර්තා කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පත්කොට තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරි එම්.ජේ. ඩිලන්ත ප්‍රනාන්දු, වනජීවී අමාත්‍යාංශයේ අතිරේක ලේකම්
(තාක්ෂණ), එච්.ඩී. රත්නායක, වනජීවී අමාත්‍යාංශයේ පශු වෛද්‍ය ජී.ඒ.ටී. ප්‍රසාද්, අලි ඇතුන් සංරක්ෂණ අධ්‍යක්ෂ ආර්.ඒ. සුමනසේන, වනජීවී සත්ත්වාරක්ෂක සංගමයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා සහ වනජීවී සංරක්ෂණය උදෙසා තාක්ෂණික විෂය පථය ක්‍රියාත්මක කිරීමේ ස්වේච්ඡා සංවිධායක ඇමෙරිකාවේ කිංස්ටන් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ඉරෝෂ් පෙරේරා යන මහත්වරු මෙහි සෙසු සාමාජිකයෝ වෙති.

පසුගිය 18 වැනිදා මඩකළපුව මාර්ගයේ ධාවනය වෙමින් තිබූ තෙල් ප්‍රවාහන දුම්රියේ ගැටී අලින් සිවුදෙනකු මියයෑමේ ආසන්නතම ඛේදවාචක සිදුවීම හේතුපාදක කරගනිමින් ප්‍රවාහන අමාත්‍යාංශය ඒ සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon