කැනේඩියානු රජයේ ආධාර යටතේ කල්මුණේට අපජල කළමනාකරණ ව්‍යාපෘතියක්

  👤  2849 readers have read this article !
By mawbima 2018-09-25

ජේ.ටී. ද සිල්වා

කැනේඩියානු රජයේ ආධාර යටතේ කල්මුණේ ප්‍රදේශයට අපජල කළමනාකරණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යයි.

ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 220ක් ලබාදීමට කැනේඩියානු රජය එකඟත්වය පළකර ඇත.

එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ලබන වසරේ ආරම්භ කර 2023දී අවසන් කිරීමට සැලසුම් කර ඇත.

පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී නගර සැලසුම් හා ජලසම්පාදන ඇමැති රවුෆ් හකීම් මුණ ගැසුණු ශ්‍රී ලංකාවේ කැනේඩියානු තානාපති ඩේවිඩ් මැක්කිනන් මහතා ප්‍රමුඛ දූත පිරිසක් මෙම ව්‍යාපෘතිය සඳහා කැනේඩියානු රජය ආධාර ලබාදීමට තීරණය කර ඇති බව දැනුම්දී ඇත.

යෝජිත කල්මුණේ අපජල
කළමනාකරණ ව්‍යාපෘතියෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනක පිහිටා ඇති ග්‍රාම නිලධාරි වසම් 75ක ජීවත්වන
එක් ලක්‍ෂ තිස්පන් දහසක ජනතාවට සෙත සැලසේ.

වැඩිවන ජනගහනය හා සංවර්ධන ව්‍යාපෘතිවලටද මෙමඟින් සේවය සැලසෙනු ඇත.

කල්මුණේ අපජල කළමනාකරණ ව්‍යාපෘතියෙන් කල්මුණේ, සමන්තුර ප්‍රදේශයේ පරිසර සුරැකීමටත් සෞඛ්‍ය තත්ත්වය නංවාලීමට හා භූගත ජලය සුරැකීමට අවස්ථාව සැලසෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon